2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

සල්මන් ඛාන්ට වසර 5ක සිර දඬුවමක් !

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

දුර්ලභ වර්ගයේ මුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වසර පහක සිර දඬුවමක් නියම වී තිබේ. වසර 20කට පෙර සිදුවූ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව ජොද්පූර් අධිකරණය ඉකුත් බ්‍රහස්පතින්දා සල්මන් ඛාන් අදාළ චෝදනාවට වරදකරු බවට තීන්දු කළේය.

ඒ අනුව ඔහුට වසර 05ක සිර දඬුවමක් සහ ඉන්දීය රුපියල් දසදහසක දඩයක්ද අධිකරණය විසින් නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 1998 වර්ෂයේදී රාජස්ථාන් ප්‍රාන්තයේ චිත්‍රපටයක් රෑගත කිරීමක් අතරතුර දුර්ලභ ගණයේ මුවන් දෙදෙනෙකු ඝාතනය කළ බවට සුපිරි නළු සල්මන් ඛාන්ට චෝදනා එල්ල වී තිබුණි.

52 හැවිරිදි සල්මන් ඛාන්ට අදාළ දඬුවම සම්බන්ධයෙන් ඉහළ අධිකරණයකට අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00