2017 ජනවාරි 14 වන සෙනසුරාදා

පිටසක් වලින් මහා ප්‍රහාරයක්

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 254

ලොව සුපිරිතම බුද්ධිමතා ලෙස සැලකෙන මහාචාර්යය සේටෙෆන් හෝකින් යලිත් පෘථිවිය අවදානමකට මුහුණ පා ඇතැයි ප්‍රකාශ කර තිබේ.

විද්‍යාඥයින් විසින් අලෝක වර්ෂ 1400ක දුරින් නිරීක්ෂණය කර ඇති අසාමාන්‍ය සූර්යයකු පිළිබඳව සිය නිගමනය ඉදිරිපත් කරමින් ඔහු මේ බව කියා තිබේ. මෙම සුර්යා අසාමාන්‍ය ලක්ෂණ පෙන්නුම් කරන බව පවසන විද්‍යාඥයින් හෙළිකර තිබුණේ එම සූර්යයාගෙන් නිකුත් වන ආලෝකය විටින් විට යම් බලපෑමකට යටත්වන බවය. එය විද්‍යාඥයින් අර්ථ දක්වා ඇත්තේ යම් විදුලි බුබුලක් වරින්වර ගැස්මකට ලක්වන ආකාරයේ තත්ත්වයක් ලෙසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහා විද්‍යාඥයා සඳහන් කරන්නේ එම සුර්යයා කිසියම් පිටසක්වල ජීව විශේෂයක ආක්‍රමණයකට දැනටමත් ලක්ව ඇති බවය. බලශක්තිය ලබාගැනීමේ අරමුණින් එම සූර්යා වටා යම් ඉදිකිරීමක්. සිදුකර ඇති එම දියුණු ජීව කොට්ටාසය ඉදිරියේදී එම බලශක්තිය යොදා විශ්වයේ අනෙකුත් ග්‍රහතල ආක්‍රමණය කරනු ඇතැයි ඔහු කියයි. එහිදි අලෝක වර්ෂ දහය ඉක්මවා යන දුරකින් පිහිටි ග්‍රහලෝක හා ජීවින්ද තර්ජනයට ලක්වන එයින් අතරද පෘථිවියට පැහැදිලි අවදානමක් බලපැවැත්වෙන බව මහාචාර්යවරයා කියයි.

මේ සම්බන්ධයෙන් හෝකින් මහතාට පෙර අදහස් පළ කළ Penn State University හී Jason Wright ප්‍රකාශ කර තිබුණද එබඳු අදහස්මය. එහි කිසියම් දියුණු ජීව විශේෂයක් විසින් යම් ඉදිකිරීමකින් ආවරණය කරමින් පවතින බවට ඔහු මතයක් ඉදිරිපත් කර තිබුණි. KIC 8462852 නම් කර ඇති මෙම තාරුකාව පිළිබඳව කැලිෆෝනියා සරසවියේ විද්‍යාඥයන් පවසන්නේද පෙර සමානම අදහසකි. ඔවුන් අති නවීණ දූරේක්ෂ මගින් මෙම තාරුකාව අධ්‍යයනයට ලක් කර ඇති අතර එහිදී හෙලිව ඇත්තේ ද එහි යම් අසාමාන්‍ය තත්ත්වයක් පවතින බවය.

♦ සංස්කරණය සුගත් පී. කුලතුංගආරච්චි