2018 මාර්තු 31 වන සෙනසුරාදා

හොරෙන්ම චීනෙට ගිය කිම් ජොං උන්

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

ලෝකයම බලා හිටියේ උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු නායක මුන් ජේ ඉන් සහ ඇමරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසීමේ ඓතිහාසික  අවස්ථාව  දැකගන්නටය. නමුත් එම බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරමින් කිම් ජොන් උන් රහසේම චීන සංචාරයක නියැළුනේය.

කිම් ජොන් පවුලට අයත් අධිආරක්ෂිත දුම්රියක් මඟින් උතුරු කොරියානු ජනාධිපතිවරයා චීනය වෙත ගමන් කළ අතර ඔහුත් සමග කලාතුරකින් කලඑළි බසින ඔහුගෙ බිරිය ද දක්නට ලැබුණි.

මෙම දුම්රිය කිම් ජොන් උන්ගේ පියා වන හිටපු ජනපති කිම් ජෝන් ඉල් ගුවන් ගමන්වලට බියවීම හේතුවෙන් මින් පෙර චීන සංචාරයක් සඳහා භාවිත කළ එකකි. 2011 සිදු වූ ඔහුගේ චීන සංචාරයද ලෝකය වෙත අනාවරණය වූයේ ඔහු චීනය වෙත පැමිණීමෙන් පසුවය.

කිම් ජොං උන් ගේ මෙම රහස් චීන ගමන 2011 වසරේ සිය ධූරය භාර ගැනීමෙන් අනතුරැව සිදුකළ ප්‍රථම විදෙස් සංචාරයයි. චීනයෙදී මේ දෙපළට ඉහළ පිළිගැනීමක්  ලැබුණු අතර ට්‍රම්ප් සමග න්‍යෂ්ඨික අවි සීමා සාකච්ඡා ඇරැඹීමට තැබූ මුල් පියවරක් ලෙස මෙය අන්තර්ජාතිකව පැසසුමට ලක්විය. 

උතුරු කොරියානු නායකයා මෙහිදී කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි විරහිත කලාපයක් බවට පත්කරනු ලැබීම සඳහා ඔහුගේ ඇති දැඩි කැපවීම ප්‍රකාශයට පත් කළ බව වාර්තා විය. එසේම ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ සාකච්ඡා කිරීම සඳහා කිම් ජොන් උන් සිය සූදානම තහවුරු කළ බව චීන රාජ්‍ය පුවත් සේවය කියා තිබුණි. උතුරු කොරියාවේ තිරයෙන් පසුපස සිටි මිතුරා වන චීනයද පසුගිය කාලයේ එරට සමග නොරොක් වී සිටියේය. චීනයේ හොඳහිත නැවත දිනාගැනීමත් අමෙරිකාවට ලෝක සාමය  උදා කිරීම උදෙසා සාකච්ඡා ඇරුඹීමට කොළ එළියක් දැල්වීමත් උන් ගේ මෙම රහස් ගමනේ අරමුණ වූ බවට මතයක් දැන් ඉදිරිපත්ව තිබේ. නමුත් කිම් ජොං උන් යනු විශ්වාසය තැබිය හැකි පුද්ගලයකු නොවේ. 

ඔහුගේ මේ ගමන චීන රජයේ රහස් බලපෑමකින් සිදුවූවක්ද? ඔහු සැබෑවටම සාමය සඳහා කැපවී සිටින්නේද? ලෝක සම්බාධක හමුවේ ඔහු ඇත්තටම නට්ටං වී සල්ලං වී සිටියිද? නැතිනම් “මිට්ටං කට්ටං” යැයි යන කියමන අනුව ඔහු ට්‍රම්ප් උගුලක සිරකිරීමේ කට්ට සූර සූත්තරයක යෙදී සිටියිද? ඒ ගැන සැබෑව දන්නේ උන් ම පමණි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00