2017 ජනවාරි 14 වන සෙනසුරාදා

වඳුරු දෙවියන්ගේ සැඟවුණු නගරය

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

නවතම ගවේෂණයකදී මෙතෙක් මිථ්‍යාවක් ලෙස සැලකුණු පුරාවෘත්තවල පමණක් මෙතෙක් කියවුණු වඳුරු දෙවියන්ගේ නගරය සොයාගෙන ඇත. ඒ නිකරගුවාව හා හොන්ඩුරාස් රාජ්‍යයන්ට අයත් මෙතෙක් ගවේෂණය නොකළ වැසි වනාන්තර කලාපයේ තිබියදීය. මෙම වඳුරැ දෙවියන්ගේ නගරය පිළිබඳ එම රටවල පුරාවෘත්ත බහුලය. වඳුරු දෙවියන්ගේ ශාපය හේතුවෙන් එම ඉපැරණි ශිෂ්ටාචාරය විනාශ වී ගිය බව එයින් කියැවේ. කෙසේ වෙතත් මෙම පුරාවෘත්තය සම්බන්ධයෙන් ගවේෂණය කළ ලේඛක ඩග්ලස් පර්ස්ටන් ඇතුළු පිරිසක් මෙම සැඟව ගිය නගරය සොයාගෙන තිබේ. ඔවුන් මෙම නගරය සම්බන්ධ පුරාවෘත්ත හා ඒ පිළිබඳ පැරණි සිතියම් පවා මෙම ගවේෂණයට දායක කරගෙන තිබුණි.

මෙම නගරය වර්ග මීටර් 20,000ක කලාපයක පැතිර ඇති බව ගවේෂකයෝ කියති. එහි වඳුරු මූර්ති හා ගල් කැටයම් විශාල ප්‍රමාණයක්ද දක්නට ලැබේ.

16 වන සියවස තෙක්ම මෙම නගරය පිළිබඳ සාධක පැවති අතර එහි අවසන් පදිංචිකරැවන් වසංගත තත්ත්වයන්ට ගොදුරුව තිබුණි. තවත් පිරිසක් වහලුන් ලෙස යුරෝපයට ගෙන ගිය බවටද සාධක පවතියි.
මෙම ඉපැරණි සැඟවුණු නගරය තුළ පවතින බොහෝ නිර්මාණ අති විශිෂ්ට ඒවා බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී වඩාත් පුළුල් ගවේෂණයකටද තමන් සූදානම් බවත් ඔවුහු කියති.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00