2018 මාර්තු 24 වන සෙනසුරාදා

කැසිනෝ පැකර්ට මානසික ව්‍යාධියක්

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

ඕස්ට්‍රේලියානු කෝටිපති ජේම්ස් පැකර් සිය කැසිනෝ ව්‍යාපාර ලෝකයේ පාලක මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. (කැසිනෝ රජු) මානසික ව්‍යාධියකට ගොදුරුවීම එම ඉල්ලා අස්වීමට හේතුව හැටියට දක්වා තිබේ. ජේම්ස් පැකර්ගේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින් සිය සමාගමේ සියලු වගකීම්වලින් ඉවත්වීමට (පැකර්) අදහස් කරන බව සඳහන් කළේය.

චීනයෙන් පිටත ක්‍රියාත්මක වෙන විශාලතම කැසිනෝ ව්‍යාපාරය ලෙස ලැයිස්තුගත කරනු ලැබ ඇති “ක්‍රවුන් රිසෝර්ට්ස්” ව්‍යාපාරයේ කොටස්වලින් 50% කට මඳකට අඩු ප්‍රමාණයක් ජේම්ස් පැකර් සතුය. ජේම්ස් පැකර් දෙවතාවක් දික්කසාද වූ තැනැත්තෙකි. සූදු ව්‍යාපාරයේ ධන කුවේරයකු වන ඕස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් ගේ “ක්‍රවුන් රිසෝර්ට්ස්” සමාගම කොළඹ නගරයේත් කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරැව එය අවලංගු කළ බව එම සමාගම 2015 වසරේ ජනවාරි මාසයේ ප්‍රකාශයට පත් කළේය.

සුඛෝපභෝගී කාමර 450 කින් යුත් හෝටලයක් ඇතුළත් සංචාරක කලාපයක් ඉදි කරමින් කොළඹ නගරය කලාපීය “කැසිනෝ මධ්‍යස්ථානයක්” බවට පත් කෙරෙන එම ව්‍යාපෘතියට කලින් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය විසින් බදු සහන ලබා දී තිබුණ බවට එකල වාර්තා පළවිය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00