2018 මාර්තු 24 වන සෙනසුරාදා

සවුදි කෙල්ලන්ට උපරිම නිදහස

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 254

තම රටේ කාන්තාවන්ට හිජාබය හෝ බුර්කාව පැළඳීම අවශ්‍යම නොවන බවත්, ඉස්ලාමීය භක්තිය සංකේතවත් වන යහපත් සහ ගෞරවනීය ඇඳුමක් ඇදීම පමණක් ප්‍රමාණවත් යැයි සෞදී අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු කියා ඇත.

මොහොමඩ් බින් සල්මාන් කුමරු බලයට පැමිණීමත් සමගම සෞදියේ ස්ත්‍රී අයිතීන් පුළුල් වී තිබෙන අතර කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාදීම, කාන්තාවන්ට මෝටර් රථ ධාවන තරග සඳහා සහභාගී වීමට අවස්ථාවද මේ වනවිට හිමිව තිබේ. එමෙන්ම ඔවුනට ක්‍රීඩා තරග නැරඹීමේ නිදහසද මේ වනවිට හිමිව ඇත.

“නීතිරීති ඉතා පැහැදිලිය. ෂරියා නීතියේ පුරුෂයින් මෙන්ම කාන්තාවන්ද ගෞරවනීය ඇඳුම් ආයිත්තම් පැළඳිය යුතු බව සඳහන්. නමුත් මෙහි විශේෂයෙන් කළු අබායා හෝ කළු හිස ආවරණයක් (බුර්කාව) පිළිබඳව සඳහන් කරලා නැහැ. කාන්තාවන් තමන්ට ගැලපෙන ඇඳුම කුමක්ද කියා සිතා එය ඇදීමට සම්පූර්ණ අයිතිය තිබෙනවා.”  මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රකාශ කර ඇත

මාර්තු 8 වනදා ලෝක කාන්තා දිනය සමරමින් සෞදියේ, ජෙඩා නගරයේදී කාන්තාවන් පිරිසක් තමන්ට අලුතින් ලැබුණු නිදහස සමරමින් ක්‍රීඩාවන්හි යෙදෙමින් එළිමහනේ ව්‍යායාම් කරමින් සිටින අයුරු දැකගන්නට ලැබුණි.

සෞදියේ ඔටුන්න හිමි කුමරු පවසා සිටින්නේ 2030 වර්ෂය වනවිට තම රටේ උසස් ස්ථානයන්හි කාන්තාවන් සිටිනු දැකීම තම අපේක්ෂාව වන බවය. ඒ සඳහා වන බාධාවන් ඉවත් කරමින් ඔවුන්ට නිසි ගෞරවය ලැබෙන පරිදි ඉදිරියට ඒමට අවශ්‍ය පරිසරය සකස් කිරීම තම අරමුණ බව ඔහු සඳහන් කරයි.

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30