2018 මාර්තු 24 වන සෙනසුරාදා

සකර්බර්ග් සෙනෙට් මණ්ඩලය හමුවට

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග්හට ඔහුගේ සමාජ ජාලය භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේදැයි ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන් ඉදිරියේ පෙනී සිටින ලෙස ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලය දන්වා ඇත. ෆේස්බුක් සමාගම තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් පියවර නොගත්තේ යයි චෝදනා කරමින් “​ගාර්ඩියන්” සහ “නිව් යෝර්ක් ටයිම්ස්” යන පුවත්පත් සති අන්තයේදී වාර්තා පළ කර තිබිණි.

අදාළ චෝදනාව පදනම්ව තිබුණේ (Cambridge Analytica) නමැති සමාගමක් මැදිහත්ව ෆේස්බුක් ගිණුම් මිලියන ගණනක දත්ත ඩැහැ ගැනීම සම්බන්ධයෙනි. මෙම තොරතුරු රැස්කර ඇත්තේ(Cambridge Analytica) සමාගමට සම්බන්ධ සමාගමක් නිර්මාණය කළ දුරකථන යෙදවුමක් (Mobile App) සඳහාය. නමුත් මෙම රැස්කළ තොරතුරු 2016 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට උපකාර වන ලෙස වක්‍රලෙස  භාවිතයට ගන්නට ඇති බවට විශ්වාස කෙරේ. සකර්බර්ග් පසුගියදා කිවේ පුද්ගලිකත්වය රැකදිම සිය වගකීම බවය. මේ සඳහා කොල්ලකාර යෙදවුම් බිඳ හෙළීමට කටයුතු අරඹන බව ඔහු කීය.  

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00