2018 මාර්තු 24 වන සෙනසුරාදා

ගඩාෆිගෙන් සල්ලි ගත් ප්‍රංශ ලොක්කා කූඩුවේ

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ලිබියානු නායක ගඩාෆිගෙන් මුදල් ආධාර ලබාගත් බවට චෝදනා ලබා සිටින ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2007 ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් වියදම් කිරීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සාකෝසි මේ වනවිට පොලිස් අත්අඩංගුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත.

පොලිසිය මින් පෙරද හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කොට තිබේ. ඔහුගේ ආධාරකරුවෙකු වන ඇලෙක්සැන්ඩර් ජූරි පසුගියදා ලන්ඩන් නුවර දී අත්අඩංගුවට පත් විය. 2011 දී මුල්වරට මෙම චෝදනාව ඉදිරිපත් කරනු ලැබුවේ ගඩාෆිගේ පුතු සායිෆ් අල් සලාමි විසිනි. මේ ගැන ප්‍රබල සාක්කිකරුවන්ද තමන් සතු බව ඔහු කියා තිබුණි. මේ සාක්කිකරුවන් අතර ලිබියාවේ හිටපු ඔත්තු සේවා අධ්‍යක්ෂ අබ්දුල්ලා සනෝයි මෙන්ම ලිබියා ආයෝජන මණ්ඩල ප්‍රධාන විධායක බෂීර් සහෙල් ද වෙති. ගඩාෆී සහ සාර්කෝසි අතර ට්‍රිපොලිහි සිදුවූ මුල් හමුවේ විඩියෝ පටයක්ද අබ්දුල්ලා සතු බව වාර්තා වේ. ට්‍රිපොලිහිදි මුල් අත්තිකාරම් මුදල සාර්කෝසිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ක්ලෝඩ් වෙත ලබා දෙන අයුරු දුටු බව ප්‍රකාශ කරන්නට අබ්දුල්ලා  සුදානම් බවද  වාර්තාවේ. සාර්කෝසි 2012 බලයට ඒමට ගත් තැත වැළකී ගියේය. ඉන්පසු 2013දි පරීක්ෂණ ඇරුඹිණි.

සායිෆ්, ගඩාෆී පුත්‍රයා සිරදඬුවමකින් නිදහස්ව සිටින අතර මෙවර ලිබියා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිතය. සාර්කොසි ලිබියානු ජනතා මුදල් පැනමා සහ ස්වීස් ගිණුම් හරහා අවභාවිත කළ බව ඔප්පු වුවහොත් ඔහුට සිරදඬුවම් නියතය. 

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00