2018 මාර්තු 17 වන සෙනසුරාදා

රුසියාවේ අලුත් මිසයිලය

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 235

රුසියාව අලුත් මිසයිලයක් අත්හදා බැලුවේය. කිරිච්විය හෙවත් කින්ෂාල් ලෙස නම්කර ඇති මෙම අධිබලැති දිගු දුර මිසයිලය මිග් 31 ජෙට් යානයක් උපයෝගී කරගනිමින් ගුවන් ගතකර ඇත. මෙහි න්‍යෂ්ටික අවිද රැගෙන යා හැකි බව වාර්තා වේ.

ශබ්දයේ වේගය මෙන් 10 ගුණයකින් යැවිය හැකි මෙය, සැතපුම් 1200 ක් දුරට එල්ල කළ හැකි වූවකි. මුහුදේ සහ ගොඩබිම ඉලක්ක වෙත ප්‍රහාර එල්ල ක ළහැකි බව කියන මේ මිසයිල අමෙරිකාවේ යුදබලයට එරෙහි පුටින්ගේ නවතම හඳුන්වාදීම් වලින් එකකි.