2018 මාර්තු 17 වන සෙනසුරාදා

නගරයක් පාළුකළ පැරුණි බෝම්බය

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

දෙවන ලෝක යුද සමයට අයත් පුපුරා නොගිය බෝම්බයක් ඉතාලියේ මධ්‍යම කලාපයේ වැඩබිමක තිබී සොයා ගැනීමත් සමඟ ඒ අවට වෙසෙන 23,000 පමණ වූ ජනයා එම ප්‍රදේශයෙන් ඉවත් කරන්නට යෙදිණි.

බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඉහත කී බෝම්බය අත්වැරදීමකින් පුපුරායාමට ඉඩ ඇති බව සැකකළ ෆැනෝ නගරයේ බලධාරීහු ජනතාව ඉවත් කිරිමට පියවර ගත්හ.

හමුදාවේ සහ නාවික හමුදාවේ විශේෂ භට කණ්ඩායම් බෝම්බය ඉන් ඉවත්කර මුහුදට හෙළීමට පෙර ප්‍රදේශයේ රෝහල් ගොඩනැගිලි තුළින් රෝගීන් ඉවත් කිරීමට සහ දුම්රිය සේවා අත්හිටුවීමටද පියවර ගනු ලැබිණි. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00