2018 මාර්තු 17 වන සෙනසුරාදා

රාජ්‍ය ලේකම් දොට්ට දැමූ ට්‍රම්ප්

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

කටමැත දෙඩවීමට ප්‍රසිද්ධ ට්‍රම්ප් තමන්ගේ සමීපතමයන් පලවා හැරීම ගැනද ප්‍රසිද්ධය. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ  එරට රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධුරයෙන් නෙරපනු ලැබුවේය. දැන් එම ධුරය සඳහා CIA ඔත්තු සේවයේ අධ්‍යක්ෂ මයික් පොම්පියෝ පත්කර ඇත. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි CIA ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා ජීනා හැස්පල් පත්කරනු ලැබීය. CIA ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා කාන්තාවක් පත් කෙරැණු පළමු අවස්ථාවයි මේ.  

ඒ අතර ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයා දික්කසාදයකට සැරසී සිටියි. ඔහු 2005 දි  විවාහ වූ අතර මේ වනවිට පස්දරු පියෙකි. එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව රෙක්ස් ටිලර්සන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෑතදී හටගත් මතභේද ඔහු ඉවත් කිරීමට ආසන්නතම හේතුව වී තිබේ.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම වැනි කරුණු සම්බන්ධයෙන් තමන් හා හිටපු රාජ්‍ය ලේකම්වරයාට එකඟත්වයකට පැමිණීමට නොහැකි වූ බව ජනාධිපති ට්‍රම්ප්ද පවසා තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් “ඔල්මාදකාරයෙක්” බව හිටපු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මීට ඉහතදී ඔහුගේ මුහුණටම පැවසූ බවට වාර්තා පල විය. “ExxonMobil” සමාගමේ හිටපු ප්‍රධාන විධායක රෙක්ස් ටිලර්සන් රාජ්‍ය ලේකම් ධුරය සඳහා පත් කරනු ලැබුවේ මීට වසරකට ඉහතදීය.

රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධුරයෙන් නෙරපා ඇත්තේ පුර්ව දැනුම්දීමකින් තොරවය

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් වෙනුවට CIA ඔත්තු සේවයේ ප්‍රධානී මයික් පොම්පෙඕ පත්කිරීමට ධවල මන්දිරය සැලසුම් කරමින් සිටින බව ඇමෙරිකානු මාධ්‍ය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී  පමණ එළිදරව් කර තිබුණි.

 

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30