2018 මාර්තු 10 වන සෙනසුරාදා

මලයාසියාවට භූ කම්පනයක්

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

මැලේසියාවේ සබා ප්‍රාන්තයේ ප්‍රබලතාව 5.2ක් වූ භූ කම්පනයක් හටගත්තේය. වසර 3කට පෙර මහා විනාශයක් සිදුකළ රානු භූ කම්පාව හටගත් ස්ථානයේ සිට කිලෝමීටර් 11ක් පමණ වයඹ දිගට වන්නට මේ නව භූ කම්පනය හටගත්තේය. කඳු නැගීමට පැමිණ සිටි සංචාරකයන් හට කෝටා කිනාබාලු කන්ද ඇතුළු කඳුවලට නැගීම තහනම් කළ අතර ඔවුන් ලබාන් රාමා හි ආරක්ෂාව සහිතව රඳවා තිබුණි. 2015 තත්ත්පර 30ක් පැවැති ප්‍රබලතාව 6ක් වූ භූ කම්පනය හේතුවෙන් 18ක් මියගිය අතර 130ක් තුවාල ලදහ. මේ කම්පනයෙන් පසු සබා ප්‍රදේශය සුළු මට්ටමින් භූ කම්පන කිහිපයකටම ගොදුරැව තිබේ.