2018 මාර්තු 10 වන සෙනසුරාදා

ලෙනින් බිම වැටෙයි

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

ඉන්දියාවේ (ත්‍රිපුර) ප්‍රාන්තයේ ස්ථාපිත කරනු ලැබ තිබුණ ලෙනින් ප්‍රතිමාව බිම දැමීම සම්බන්ධයෙන් පාලක භාරතීය ජනතා පක්ෂයේ ආධාරකරුවෝ දැඩි විවේචනයකට මුහුණ දී සිටිති. 

එම ලෙනින් ප්‍රතිමාව ගලවා ඉවත්කරන ලද්දේ භාරතීය ජනතා පක්ෂය (ත්‍රිපුර) ප්‍රාන්ත මැතිවරණය ජය ගනු ලැබීමෙන් දින කීපයකට පසුවය. මෙවර ප්‍රාන්ත මැතිවරණයේ දී වසර විසිපහක් බලයේ සිටි කොමියුනිස්ට්වාදීන්ට එහි පාලන බලය අහිමි විය. මෙයින් වසර පහකට පෙර ත්‍රිපුර ප්‍රාන්තයේ “බෙලනියා” නගරයේ පිහිටුවන ලද ලෙනින් ප්‍රතිමාව යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් ගලවා ඉවත් කරන ලද්දේ භාරතීය ජනතා පක්ෂයේ ආධාරකරැවන්ගේ ප්‍රීතිඝෝෂා මැද බව “ත්‍රිපුර” වාර්තා මගින් පැවසෙයි. එය සිදු කෙරෙද්දී කොමියුනිස්ට්වාදීන් සහ භාරතීය ජනතා පක්ෂයේ ආධාරකරුවන් අතර ගැටුම් සිදු වූ බවක් ද වාර්තා වෙයි. මෙවර “ත්‍රිපුර” ප්‍රාන්ත මැතිවරණයේදී එහි ආසන 59 න් 43ක්ම දිනා ගනිමින් කොමියුනිස්ට් බලය පෙරළා දැමීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය. 1990 දශකයේ අවුරුදුවල රුසියාව සහ යුක්රේනය ද ඇතුළුව රටවල් ගණනාවක ලෙනින් පිළිරෑ බිම හෙළනු ලැබුණි. යුක්රේනයේ ඉතිරි වී තිබූ විශාලතම ලෙනින් පිළිරුව නැගෙනහිර ප්‍රදේශයේ නගරයක් වන සපොරිෂ්‍යා හි දී ගලවා ඉවත් කළේය. මීටර් විස්සක් උස මෙම ස්මාරකය ඉවත් කිරීම සඳහා දොඹකර යොදා ගත්තේය. මෙම ලෝකඩ ප්‍රතිමාව මිල දී ගැනීමට එකල ජර්මනියෙහි ගැනුම්කරුවන් ඉදිරිපත්ව සිටියහ.  

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00