2018 මාර්තු 03 වන සෙනසුරාදා

හොර තුවක්කු 60,000ක්

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 269

නීති විරෝධී ගිනි අවි භාරදීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් ලබාදී තිබූ පොදු සමා කාලය තුළ ගිනි අවි 60,000කට ආසන්න තොගයක් බලධාරීන් වෙත භාරදී තිබේ.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු රජය මාස තුනක පොදු සමා කාලයක් ඒ සඳහා ලබාදී තිබූ අතර අදාළ කාලය තුළ ගිනි අවි 57,000කට අධික සංඛ්‍යාවක් බලධාරින් වෙත භාරදී ඇති බව වාර්තාවේ.  නීති විරෝධී ගිනි අවි භාවිතය අවම කිරිමේ අරමුණින් එම සමා කාලය ප්‍රකාශයට පත් කළ බව ඔස්ට්‍රේලියානු රජය පවසයි. ඕස්ට්‍රේලියාවේ නීති විරෝධි ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් වරදකරු වන  පුද්ගලයෙකුට ඔස්ට්‍රේලියානු ඩොලර් දෙලක්ෂ 80,000ක දඩයක් සහ වසර 14ක උපරිම සිර දඬුවමක් නියම වේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00