2018 මාර්තු 03 වන සෙනසුරාදා

ඊජිප්තු දුම්රිය අනතුර

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

ඉජිප්තුවේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 42ක් තුවාල ලබා ඇත. කයිරෝ අගනුවර බලා ගමන් කරමින් තිබූ දුම්රියක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

උතුරු දිග බෙහෙයිරා පළාතේ දුම්රිය මාර්ගයක අනතුර සිදුව තිබේ. මගී දුම්රියෙන් වෙන්වුණු මැදිරි දෙකක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අනතුර සිදුවූ බව බලධාරීන් සඳහන් කර තිබේ. විපතට පත්වූවන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට ඊජිප්තු අගමැතිවරයා නියෝග කර ඇත. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී එරට ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ සිදුවූ මෙවැනිම දුම්රිය අනතුරකින් පුද්ගලයින් හතළිස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී සිය දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූහ.