2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

මාලදිවයිනට චීන මිසයිල!

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 384

මාලදිවයින තුළ වර්තමානයේ උද්ගතව ඇත්තෙ අර්බුදකාරී තත්ත්වයකි. ජනාධිපති යාමීන් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම සහ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට අවනත නොවීම, ව්‍යවස්ථාදායක මූලධර්මවලට තර්ජනයක් වන ලෙසින් නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය අවතක්සේරැ කිරීම නිසා එරට දේශපාලන හා ආර්ථික වශයෙන් කඩා වැටෙමින් පවතී.

මේ නිසා කලාප බලවතුන් වන ඉන්දියාව සහ චීනය එරටේ අලකලංචියට මැදිහත් වීමක් සිදුවෙමින් පවති. ඉන්දියානු අත පෙවීම ගැන නොසන්සුන් වූ කලාපයේ ආර්ථික බලවතා වන්නට කැසකවන චීනය මේ වනවිටත් තම යුද නෞකා පෙළක් ඉන්දීය සාගරය වෙත යැවීමට කටයුතු කොට ඇත. මිසයිලවලින් සන්නද්ධව ඇති ඩිස්ට්‍රෝයර් ප්‍රහාරක යාත්‍රා 11කින් යුතු බලඇණියක් මෙලෙස ගමන් අරඹා තිබේ. දිය ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි ටොන් 30,000 යාත්‍රාවක් සහ සහායක ප්‍රහාරක යාත්‍රා 3ක් දැනටමත් මාලදිවයින වෙත කිට්ටු කර තිබේ.

එරටෙහි හිටපු ජනාධිපති  සහ විපක්ෂනායක නෂීඩ් මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින අතර ඔහු ප්‍රකාශ කර සිටින්නේ මාලදිවයින සතු වරාය ඇතුළු සියලු සම්පත් එරට ආණ්ඩුව විසින් චීනයට විකුණා මාලදිවයින චීනයේ කොලනියක් කොට හමාර බවයි. අමෙරිකානු නැඹුරුවක් සහිත ඉන්දියාව නෂීඩ් හිතවාදිය. නමුත් තමන්ගේ නව සේද මාවත සහ මුහුදු වෙළඳ තීරය පිළිබඳ උනන්දුකාරී සහයෝගයක් ලබාදෙන යාමීන්හට හිතවාදී චීනය ඔහුගේ බලය රුකදීම සඳහා එරට පැන නැගී ඇති අභ්‍යන්තර ගැටලුවට අත පොවා තිබේ.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00