2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

මෝදි ජස්ටින්ට කොකා පෙන්නුවාද?

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

ඉන්දියා සංචාරයේ නිරත කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පිළිබඳව කලකට පසු මාධ්‍යයේ අවධානය යොමු වූයේය. හිටපු ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා, ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු මෙන්ම අබුඩාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සයිඩ් අල් නායෙෆ් ගුවන් තොටුපොළේ දී ඉන්දීය අගමැති මෝදි විසින් පිලිගනු ලැබුවේ බදා වැළඳ ගනිමිනි. එහෙත් කැනඩා අගමැතිවරයා පිළිගැනීමට මෝදි නොපැමිණීම පිළිබඳව මාධ්‍යය තුළ ලොකු කතාබහකට හේතු වී තිබේ. එසේම මෝදි ගේ උපන් ගම වන ගුජරාටයේ සංචාරයට පවා ටෲඩො සමග ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක් නොවීමද කතාබහට ලක් වී ඇත. 

සීක් අන්තවාදීන් පිළිබඳ කැනඩාව දක්වන මෘදු පිළිවෙත ඉන්දියාවේ අසතුටට හේතුව බව වාර්තා වේ. 

ගාන්ධිනගර් හි අක්ශර්ධම් ආශ්‍රමය සහ මහත්මා ගාන්ධි ගේ සබර්මති ආශ්‍රමය වෙත පසුගිය මාසයේ ඊශ්‍රායල අගමැතිවරයා මෙන්ම පසුගිය වසරේ ජපාන අගමැතිවරයාද 2014දී චීන ජනාධිපතිවරයා ද පැමිණි කල නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා ඒ ස්ථාන කරා ගමන් කළද කැනඩා අග්‍රාමාත්‍යවරයා සමග ඊට එක් නොවීමද මහත් ආන්දෝලනයකට හේතු විය.

මෙම සංචාරය සඳහා ටෲඩෝ ආර්යාව සහ දරුවෝද එක්ව සිටිති. ඉන්දීය සංචාරය පිළිබඳ ඉතා ඉක්මනින්ම අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙවන් අපූරු පරිසරයක් මීට පෙර දැක නැති බව පවසා තිබේ.

ලෝකයේ ලාබාලතම අගමැතිවරයකු වන ජස්ටින් ට_ඩෝ සෙල්ලක්කාර හිතුවක්කාරයෙකි. තමන්ගේ වයසට වැඩි ගුරුතුමිය විවාහ කරගත් ඔහු මාධ්‍යවලට පුවත් මවන්නෙකු ලෙස ප්‍රසිද්ධය. නිදහස් සංචාරකයකු ලෙස ඔහු කළ මේ ඉන්දියා ගමනද එවැන්නක් වන්නට ඉඩ බොහෝය. කෙසේ වුවද මෝදි ට_ඩෝට කොකා පෙන්නුවා යැයි සිතා පුවත් පලකළ මාධ්‍යවලට මෝදි පසුගිය සිකුරාදා කොකා පෙන්නුවේය. ඒ ට්විටර් පණිවුඩ මගින් අගමැති ට_ඩෝට සුබපතමිනි. දෙදෙනා රාෂ්ට්‍රපති භවාන්හිදී නිල වශයෙන් මුණගැසුණු අවස්ථාවේදී ට_ඩෝ බදා වැළඳ ගන්නට අගමැති මෝදි අමතක කළේ නැත. දෙදෙනා අතර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා රුසක් ගැන  සාර්ථක කතාබහක්ද සිදුවිණි.