2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

රුසියානු ගුවන් අනතුර අභිරහසක්

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 97

පුද්ගලයින් 71 දෙනකුට මරු කැඳවමින් මොස්කව් නුවරදී කඩා වැටුණු රුසියානු ගුවන් යානා අනතුරට හේතුව සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙසට එරට ජනාධිපති ව්ලැදිමීර් පූටින් නියෝග කර තිබේ. යානය අනතුරට පත්වීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර යානය කඩා වැටෙනවිට ගිනිගෙන දැවෙමින් තිබූ බවට සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර ඇත. මොස්කව් අගනුවරින් ගිනිකොන දෙසින් පිහිටි අර්ගුනෝවා ගම්මානයේ හිම සහිත ප්‍රදේශයකට කඩා වැටී ඇති යානයේ සුන්බුන් සහ මියගිය අයගේ සිරුරු කොටස් විශාල ප්‍රදේශයක පැතිර ඇත. 

අනතුරට පෙර මෙම ඇන්ටනෝව් 148 යානයෙන් මධ්‍යස්ථානයට කිසිදු හදිසි ඇමතුමක් හෝ ලැබී නොමැති බව වාර්තා වේ. මියගිය අයගේ අනන්‍යතාවය තහවුරු කිරීමට  DNA පරීක්ෂණ පැවැත්වීමට කටයුතු අරඹා තිබේ.  රුසියාවේ ඕස්ක් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේ මගීන් 65 දෙනකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 6 දෙනකු එහි සිට ඇත. කෙසේ වෙතත් යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00