2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

මෝදිගේ බිරියට අනතුරක්!

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 176

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බිරිඳ ජශෝදාබෙන් මාරක රිය අනතුරකින් දිවි ගලවා ගැනීමට සමත්විය. රාජස්ථාන් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී ඇය ගමන් කළ මෝටර් රථය පසුගිය බදාදා අනතුරට ලක්වී තිබුණි. මෝදිගේ බිරිඳට මෙයින් අනතුරක් සිදුවී නැතත් ඇය සමඟ ගමන්ගත් ඥාතියෙකු මරණයට පත්විය. ඔවුන් ගමන් කළ මෝටර් රථය ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවෙයි. එහිදී ජශෝදාබෙන්, ඇයගේ ආරක්ෂකයකු සහ රියදුරා සුළු තුවාල ලබා දිවි ගලවාගත්හ.

වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි 1967 වසරේ දී ජශෝදා බෙන් සමඟ විවාහ වී ඇත. ඒ වනවිට ඔහුගේ වයස අවුරැදු 17කි. මාස 3කට පසු කැමැත්තෙන් වෙන්වූ ඔවුහු මේ වනවිටත් ජීවත් වන්නේ වෙන් වෙන්වයි.
නරේන්ද්‍ර මෝදි සිය විවාහය පිළිබඳ පළමුවරට හෙළිකළේ 2014 වසරේදී භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදෙන අවස්ථාවේදීය.