2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය රහස් පරණ බඩු කඩේක

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 138

ඕස්ට්‍රේලියා රජයේ රහස්‍ය ලිපිගොනු තොගයක් පරණ බඩු කඩයක් තුළින් හමුවීමේ සිද්ධියක් සමඟ මැතිසබයේ ආරක්ෂාව ගැන මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. ඕස්ට්‍රේලියාවේ රජයට අයත් විශේෂ රහසිගත කරුණු මෙම සිය ගාණක් වූ ලිපි තොගය තුළ අඩංගු බව වාර්තා වේ. වර්තමාන රජයේ මෙන්ම ඊට පෙර පැවැති රජයන්ට අයත් රහස්‍ය ලිපිලේඛන මේ තොගයට අයත්ය.

මේ ලිපිගොනු තොගය හමුව ඇත්තේ පරණ ලී බඩු කඩයක් තුළ තිබියදීය. කැන්බරාහි පැවැති රාජ්‍ය ආයතනවල භාවිතා කළ බඩු භාණ්ඩ වෙන්දේසියකදී මේ ලිපිගොනු තොගය අන්තර්ගතව තිබූ ලිපිගොනු කැබිනට්ටුව ලබාගෙන තිබේ. එම කැබිනැට්ටුව වෙන්දේසි කර ඇත්තේ එහි යතුරු අස්ථානගත වීම නිසා ලාච්චු විවෘත කර ගැනීමට නොහැකි වීමෙන් බව වාර්තා වී තිබේ. අන්තිමේදී පරණ බඩු කඩයේදී මේ ලාච්චු විවර කර ඇත්තේ ඒ ගැන ප්‍රවීණත්වයක් දරන සාමාන්‍ය තැනැත්තෙකි. පවතින සහ පැවැති ආණ්ඩු හතරකට අයත් අතිශය වැදගත් රාජ්‍ය රහස් මෙසේ අයාලේ යාම පිළිබඳව දැන් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් ඇරැඹී ඇත. මේ රහස් විදේශ රහස් ඔත්තු සේවා නියෝජිතයකුට හෝ රාජ්‍යයකට ලැබුණා නම් ඕස්ට්‍රේලියාවට සිදුවිය හැකිව තිබූ හානිය ගිණිය නොහැකි තරම් බව කියැවේ.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00