2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

හමාස් ලොක්කා මළාද? මැරුවාද?

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

හමාස් සංවිධානයේ ආරම්භකයෙක් වන ඉමාද් අල් අලාමි නමැති මහමොළකරු මිය ගියේය. වැරදීමකින් තමන් අත වූ තුවක්කුව පත්තු වූ බව කියා ඔහු ගාසා තීරයේ ෂයිෆා රෝහලට ජනවාරි මස 13දා ඇතුළත් කරන ලදී. මේ තුවක්කුව පත්තු වීමේ කතාව පිළිගත නොහැකි බවට රාවයක්ද පවතී. තමන්ට පිලිකා රෝගය වැළඳී ඇති බව සනාථ වීම නිසා කලකිරීමෙන් ඔහු දිවි නසා ගන්නට තැත් දැරූ බවට එක් මතයක් ඉදිරිපත්ව තිබේ. ඔහුට වෙඩිතබා ඝාතනයට තැත්කර ඇති බවට තවත් කතාවකි. කෙසේ වුවද අල් අලාමීගේ මෘතදේහය රැගෙන ගියේ දහස් සංඛ්‍යාත ජනගංගාවක් මැදිනි.

අලාමී කිසිදු ආකාරයකට ජනමාධ්‍ය සමඟ ළංව කටයුතු නොකළ අයෙකි. 1998 දී ඔහු ඊශ්‍රායල බලධරයින් අතට පත්විය. ඉරාන විප්ලවවාදීන් සමඟ මෙන්ම හිස්බුල්ලා සටන් කණ්ඩායමේ නායක හසාන් නස්රල්ලාහ් සමඟ සමීප සබඳතා පැවැත්වූවෙකි. බ්‍රිතාන්‍ය රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් වත්කම් තහනම් කළ ත්‍රස්තවාදීන් ලෙස නම්කළ 11 දෙනා අතරින් ප්‍රමුඛයෙකි. 2012 වනතුරැම ඔහු සිරියාවේ කටයුතු කළ අයෙකි. 2014 දී හමාස් ඊශ්‍රායල් ගැටුමේදී අබිරහස් ලෙස ඔහුගේ කකුලක් ආබාධයට ලක්විය. ඉන්පසු 2015 සිට ඔහු ගාසා තීරයේ හමාස් සංවිධාන කටයුතු මෙහෙයවීය. කෙසේ වුවද ඔහු ඊශ්‍රායලය සමඟ සාම කතාබහට පක්ෂ වූ තැනැත්තෙකි. ඔහුගේ හදිසි මරණය සිය දිවි නසාගැනීමක්ද? ඝාතනයක්ද? හදිසි අනතුරක්ද? යන්න තවමත් අබිරහසකි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00