2018 ජනවාරි 20 වන සෙනසුරාදා

ජපානයෙන් බුරන දුම්රියක්

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 232

අමුතු දුම්රියවලට ජපානය ප්‍රසිද්ධය. මෙවර එරට දුම්රිය තාක්ෂණික පර්යේෂණ ආයතනය ඉදිරිපත් කර ඇත්තේ තවත් අරුම පුදුම දුම්රියකි. එය බුරන දුම්රියකි. බල්ලන් මෙන් බුරන මුවෙකු මෙන් අනතුරු අඟවා මොරදෙන මේ දුම්රිය සත්ත්ව හිංසාව වැළැක්වීම අරමුණින් තැනූවකි.

මුවෙකු නාසයෙන් පිඹින ශබ්දය තත්ත්පර 3ක් පුරා විකාශය කරන මෙම දුම්රිය බල්ලෙකුගේ බුරන හඬද පිටකරයි. මේ නිසා රේල්පාර අසලට සිය ගොදුරු සොයා එන මුවරංචු ඈතට පලා යෑම සිදුවෙයි. සිය ආහාර වේලේ යකඩ අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට මුවෝ රේල්පාර අසලට එති. රේල්පාර මැදී විසිවන සියුම් යකඩ කුඩු රැඳුණු තණපත් ආහාරයට ගන්නට ඔවුහු ප්‍රියකරති. මේ නිසා රේල්පීලි ආසන්නයේ සිදුවන අනතුරු ඉහළ ගොස් තිබේ. බුරන දුම්රිය එයට පිළියමකි.