2018 ජනවාරි 13 වන සෙනසුරාදා

කාඩ්බෝඩ් අගමැති

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 107

ඔය ඇත්තන්ට, දේශපාලනය ගැන, රටේ ගැටුම් ගැන මොනවා හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම්... මෙන්න මේ හාදයාගෙන් අහන්න... තායිලන්ත අගමැති ප්‍රය්‍යුත් චාන්, මාධ්‍යවේදීන්ගෙන් බේරෙන්නට අලුත් උප්පරවැට්ටියක් යොදමින් ඔය අන්දමට කියා තිබුණි.

තමන්ගේ උසට සරිලන ප්‍රමාණයට තැනූ ටයිකෝට් ඇඳගත් තමන්ගේ කාඩ්බෝඩ් පිළිරුවක් ඉදිරිපිට මයික්‍රෆෝනයක් අටවා තබා ප්‍රය්‍යුත් මාධ්‍යවේදීන්ට ඉහත ප්‍රකාශය කර හීන්සීරුවේ ලිස්සා ගොස් තිබේ.

ප්‍රය්‍යුත් 2014 කුමන්ත්‍රණයක් තුළින් බලයට ආ අමෙරිකානු ගැති ඒකාධිපතියෙකි. ඔහුගේ මේ අලුත් අඩව්වද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විගඩම්කාරී හැසිරීම්වල තාලයට ගැළැපෙන්නට ඇල්ලූ එකක් බවට මාධ්‍ය දැන් චෝදනා එල්ල කරති. ඔහුගේ පාලනය යටතේ මාධ්‍ය නිදහස පීඩාවට ලක්ව තිබේ.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00