2017 ජනවාරි 07 වන සෙනසුරාදා

කාබන් කන යෝධයා

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 160

මේ දඟරාකාර ගොඩනැගිල්ල පැරීසියේ සුප්‍රසිද්ධ නිර්මාණකරුවෙක් වන වින්සන්ට් කැල්බෝට්ගේ වැඩකි. තායිවානයේ අග නගරය තායිපේහි ගොඩනැගෙමින් තිබෙන මෙය කාබන් කන ගොඩනැගිල්ලකි. පරිසර හිතකාමී ලෙස ගොඩනගා ඇති මෙය DNA අනුවේ රූපාකාරයට සමානව තැනෙයි. මේ වසරේ සැප්තැම්බරයේදී තනා නිමකරන්නට නියමිත මෙය තුළ විවිධ ශාක 23000ක්ද ස්ථාපිත කර තිබෙන්නේ දූෂිත වායුවෙන් යුතු හෙයින් නගරය පිරිසුදු කිරීමටය. එනිසා කෘත්‍රිම නාගරික වනෝද්‍යානයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

වසරකට CO2 වායුව ටොන් 130ක් මේ බිල්ඩිමේ ශාඛාවකින් උරා ගන්නවා ඇතැයි නිර්මාණකරැ වින්සන්ට් බලාපොරොත්තුවේ. 2014 වසරේදී පමණක් තායිවාන දූපත තුළින් වායුගෝලයට CO2 ටොන් මිලියන 250ක් එක්ව තිබේ. මේ නිසාම මෙවැනි කෘත්‍රිම වනෝද්‍යාන හෙවත් කාබන් ගිලින ගොඩනැගිලි තායිවානය පුරා ගොඩනැගීමටත් බලාපොරොත්තු වෙයි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00