2017 ජනවාරි 07 වන සෙනසුරාදා

ලෝක විනාශයෙන් බේරෙන්න බංකර්

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 167

ග්‍රහලෝකයක් ගැටුණේ නැතත් පෘථිවිය මතම සිදුවන අත්තනෝමතික ම්ලේච්ඡ යුද්ධ හේතුවෙන් ඇතිවන න්‍යෂ්ඨික ප්‍රහාරයක් හෝ එවැනි මහා විනාශයකදී නොනැසී ජීවත්විය හැකි ආකාරයේ සුවිශේෂී භූගත බංකර අමෙරිකාවේ දකුණු ඩකෝටා හී කඳුකර කලාපයක නිර්මාණය දැන් අරඹා තිබේ. මෙහිදී තෝරාගත් 5000ක් දෙනා වෙනුවෙන් පමණක් ලෝක විනාශයකින් ගැලවිය හැකි භූගත බංකර නිවෙස්වල නවාතැන් හිමිවීමට නියමිතය. මෙම භූගත බංකර පොළොව මට්ටමේ සිට අඩි 26ක් පතුලින් පිහිටා ඇති අතර එක් නිවසක පුද්ගලයින් 10ත් 12ත් අතර පිරිසකට පහසුවෙන් ජීවත්විය හැකි බව වාර්තාවේ.

ටොන් ලක්ෂ 5ක් පමණ අති බිහිසුණු බෝම්බ ප්‍රහාර මාලාවකට පවා මුහුණදීමේ ශක්තිය සහිතව මෙම භූගත බංකර නිපදවා ඇත. මෙම භූගත බංකර කලාපයේ අති විශේෂිත බංකර හා ආහාර ගබඩා මෙන්ම අත්‍යාවශ්‍ය තවත් දෑ මහා පරිමාණයෙන් ගබඩා කිරීමට අපේක්ෂිතය.

ලෝක විනාශයකින් ගැලවිය හැකි මෙම නිවසක පළල අඩි 26ක් වන අතර දිග අඩි 100කි. නිවාස මිලදී ගැනීමට අපේක්ෂිත පුද්ගලයින් එක් නිවසක් වෙනුවෙන් ඩොලර් 25,000ක තැන්පතුවක් සිදුකළ යුතු වන අතර වසර 99ක් ගතවන තෙක් වාර්ෂිකව ඩොලර් 1000ක තැන්පතුවක්ද සිදුකළ යුතුව තිබේ. 

අති විශේෂිත ක්‍රමවේදයක් යටතේ නිෂ්පාදනය කෙරෙන මෙම භූගත බංකරවලට ලොව පවතින ප්‍රබලතම මිසයිල හා න්‍යෂ්ඨික බෝම්බ 500ක් එකවර හෙලුවද අනතුරක් සිදුවන්නේ නැති බව කියයි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00