2017 ජනවාරි 07 වන සෙනසුරාදා

බටහිර තුර්කියත් දෙදරයි

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

බටහිර තුර්කියේ ඉෂ්මීර් නගරයේ උසාවි සංකීර්ණයක් අසල මහා කාර් බෝම්බ පිපිරීමක් බ්‍රහස්පතින්දා සිදුවිය. දෙදෙනෙකු මියගිය අතර 11 දෙනකු තුවාල ලැබූ අතර පොලිස් ප්‍රහාරයෙන් දෙදෙනකු මියගිය බවත් ප්‍රහාරයට සම්බන්ධ තවත් අයකු සොයා මෙහෙයුම් අරඹා තිබෙන බවත් වාර්තා විය. තුර්කියේ ඉස්තම්බුල් නුවර පරයිනා නමැති රාත්‍රී සමාජ ශාලාවක අලුත් අවුරැදු උදාවත් සමග තුවක්කුකරැවකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 39 දෙනකු මිය ගියේය. පුද්ගලයෝ 69ක් තුවාල ලබා රෝහල් ගත කරන්නට යෙදුණි. ප්‍රහාරය සිදුවනවිට එම සමාජ ශාලාව තුළ හයසියයක පමණ පිරිසක් සිටි බව වාර්තා විය.

මෙයට පෙර දෙසැම්බර් 19දා තුර්කියේ රුසියානු තානාපතිවරයාද ඝාතනයට ලක්විය. පසුගිය අගෝස්තු 26 පොලිස් මූලස්ථානයකට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ඇරුඹුණු අයිසිස් ප්‍රහාරක රැල්ලේ හත්වැනි ප්‍රහාරය මෙයයි. තුර්කි ජනාධිපතිවරයා ත්‍රස්තවාදයට එරෙහිව අවසානය තෙක් සටන්කරන බවට මේ සමග ප්‍රකාශ කර තිබුණි.