2018 ජනවාරි 06 වන සෙනසුරාදා

දරුවන්ගේ වයසත් සමඟ වැඩෙන පාවහන්

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

කුඩා දරුවන් ඉතා ඉක්මනින් වැඩෙන බැවින් මවුපියන්ට නිරන්තරයෙන් ඔවුන් සඳහා අලුතෙන් පාවහන් මිලදී ගැනීමට සිදුවේ. ලොව බොහෝ රටවල දිළිඳු මවුපියන්ට එසේ නිරතුරැව පාවහන් මිලදී ගැනීමට තරම් වත්කමක් නැත. දිළිඳු පවුල්වල දෙමාපියන් මුහුණදෙන මේ ගැටලුවට විසඳුමක් පුණ්‍යායතනයක් විසින් සොයාගෙන තිබේ. දරුවන් වැඩෙන විට වැඩෙන පාවහන් ඔවුන්ගේ ඒ විසඳුමය. 

දරුවන් වැඩෙන විට එම පාවහන්වල ප්‍රමාණය පස් වතාවක් වෙනස් කළ හැකිය. විවිධ වයස් කාණ්ඩවලට සරිලන ආකාරයට ඒවා ප්‍රමාණ තුනකින් නිෂ්පාදනය කර තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ සැලසුම් කළ එම පාවහන් නිෂ්පාදනය කරනු ලබන්නේ චීනයේ සහ ඉතියෝපියාවේය. පාවහන් යුගලක් නිපදවීම සඳහා අමෙරිකානු ඩොලර් 15ක් වැයවන නමුත් පුණ්‍යායතනය විසින් එය දරුවන්ට බෙදාදෙනු ලබන්නේ නොමිලේය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00