2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

දේදුන්නක් ගිනස් පොතට

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

පැය 09කට ආසන්න වාර්තාගත කාලයක් දේදුන්නක් දිස්වීමේ සිදුවීමක් තායිවානයෙන් වාර්තා වෙයි. පසුගියදා තායිවානයේ තායිපේ අගනුවර කඳුකර ප්‍රදේශයක් ආශ්‍රිත අහසේ මෙම දේදුන්න පැය 08යි මිනිත්තු 58ක කාලයක් දිස්වූ බව එරට බලධාරීහු පවසති.

ඒ අනුව දීර්ඝතම කාලයක් දිස්වූ දේදුන්න ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වනු ඇති බව පවසන තායිවාන විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ගිනස් ආයතනය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි. 1994 වසරේ බ්‍රිතාන්‍යය ආශ්‍රිතව පැය 06ක කාලයක් දිස්වූ දේදුන්න දීර්ඝ කාලයක් දිස්වූ දේදුන්න ලෙස මීට පෙර වාර්තා වී තිබුණි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00