2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ඉන්දියාවෙන් සුනාමියක් එයිද?

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 195

ඉන්දියාවේ අනාවැකිකරුවකු ඉන්දීය අගමැතිවරයාට ලිපියක් යවා තිබුණි. ඒ අනුව ඉදිරි කාලයේදී විශේෂයෙන්ම දෙසැම්බර් අවසානයට පෙර ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් විශාල භූමිකම්පාවක් සිදුවීමට නියමිතය. අනාවැකිය අනුව භූමිකම්පාවේ බලපෑම ඉන්දියාව, චීනය, ජපානය, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්ථානය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව වැනි රටවලට බලපානු ඇත. මේ කාලයේදී පැයට කිලෝමීටර් 120ක් 180ක් වැනි වේගයෙන් කුණාටුවක්ද, අධික වර්ෂාවක්ද සමඟ සුනාමියක් වර්ධනය වන බවටද ඔහු අනාවැකියෙන් පැහැදිලි කර තිබුණි. මේ අනාවැකිය සම්බන්ධයෙන් ඉන්දීය විද්‍යාඥයන් සැකමුසු අදහස් ප්‍රකාශ කරන අතරම, එය එතරම් සැලකිල්ලට ලක්කර නැත. එහෙත් විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි පාකිස්තාන බලධාරීන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ. ඒ අනුව පාකිස්තාන බුද්ධි අංශ එරට භූකම්පන පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ අධිකාරියට මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වා ඇත. ඒ සමඟ සිය සවැනි ඥානය භාවිත කරමින් මේ අනාවැකිය ඉදිරිපත් කළ මහාචාර්ය බාබු කාලයිල් ගැනද විවිධ වාර්තා ඉදිරිපත් වී තිබේ. ඔහු ඉකුත් අගෝස්තු 20 වැනි දින තම අතීන්ද්‍රිය ශක්තිය මගින් මේ විනාශය දැක ඇති බව කියා ඇත. ඒ සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපිය යවන්නේ ඉන් දින කිහිපයකට පසුවය. බාබු කාලයිල්ගේ පළමු අනාවැකිය මෙය නොවුණු අතර, මීට පෙර ඔහු විසින් කරන ලද සාර්ථක අනාවැකි කිහිපයක් පිළිබඳ වාර්තා තිබේ.

අලෝක වර්ෂ 50කට එහායින් පෘථිවියට සමාන ග්‍රහලෝකයක් තිබෙන බව ඔහු 1998 දී අනාවැකි පළ කළේය. 2004 වර්ෂයේදී ඒ බව විද්‍යාඥයෝ තහවුරු කළහ. 2001 වර්ෂයේදී අඟහරු මත ජලය තිබෙන බවද කාලයිල් ප්‍රකාශ කර තිබිණි. එයද ඉන් මාස කිහිපයකට පසු සනාථ විය. තවත් වරක ඔහු කියා සිටියේ සෙනසුරුගේ ග්‍රහයකු වන ටයිටන්හි විදුලි කෙටීම් සිදුවන බවයි. එයද දැන් සනාථ වී තිබේ. දැන් ඔහුගේ ඉන්දියානු සුනාමිය පිළිබඳ අනාවැකියද සනාථ වන ලකුණු පහළ වී තිබේ.
ඉන්දියාවේ උත්තර්බාන්ද් ප්‍රාන්තයේ හිමාල කඳු වැටිය ආසන්නයේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ රික්ටර් මාපකයේ 5.5ක භූ කම්පනයක් සිදුවූ බව වාර්තා විය. ඉන් කිසිදු හානියක් වාර්තා වූයේ නැත.

එය පැය 24ක් ඇතුළත සිදුවූ දෙවන භූ කම්පනය වන අතර ඊට පැය කිහිපයකට පෙර රික්ටර් මාපකයේ 3.3ක අගයක් ගත් භූ කම්පනයක් එම ප්‍රාන්තයේම හටගත් බව ඉන්දියානු භූ විද්‍යා අංශ පෙන්වා දුන්නේය. මෙම භූ කම්පනය කිලෝමීටර 30ක් පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බවද වාර්තා විය. සාමාන්‍යයෙන් ප්‍රබල මට්ටමේ භූ කම්පනයකට පෙර මෙබඳු සුළු කම්පන තත්ත්ව වාර්තාවීම සිදුවේ. ඒ නිසා ඉන්දීය අනාවැකිකරුවා ප්‍රකාශ කළ සුනාමිය සත්‍යයක් වේදැයි යන්න ගැන දැන් අවධානය යොමුව තිබේ.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00