2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

නාස්තිකාර සවුදිය

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 258

ලෝකයේ වැඩියෙන්ම ආහාර ඉවත දමන රට බවට සවුදි අරාබියාව පත්ව තිබේ. දිනකට සවුදි රියාල් මිලියන 70ක පමණ වටිනාකමින් යුත් ආහාර ටොන් 427ක් එසේ ඉවත දැමීම සිදු කෙරෙන බවට ගණන් බලා ඇත. මෙම ප්‍රමාණය ආහාර වේල් මිලියන 8ක් පමණ වේ. මේ අන්දමින් විනාශකර දමන ආහාර ප්‍රමාණය සවුදි අරාබියාවේ රියාද් නුවර සමස්ත ජනතාවට ප්‍රමාණවත් යැයි ගණන් බලා ඇත.

මේ අතර සවුදි අරාබියාවේ කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යංශය ආහාර වේල් මිලියන 20ක් දිනකට ඉවත දැමීම වළක්වාලීමට සැලසුම්කර තිබේ. එය පුද්ගලයින් 30,000කගේ පමණ පරිභෝජන අවශ්‍යතාවක් ලෙසද ගණන් බලා ඇතැයි සඳහන්ය.
කැනඩාව, අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් ද දිනකට විශාල ආහාර ප්‍රමාණයක් අපතේ යවන රටවල් අතර වෙති.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00