2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

යුද අධිකරණයේදී වස පානය කරයි

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළදී වස පානය කළ බොස්නියානු - ක්‍රොයේෂියානු ජාතික යුද අපරාධකරුවෙකු වන ජනරාල් ස්ලොබොඩාන් ප්‍රයැක් මියගියේය. පැරැණි යුගෝස්ලාවියාවේ අපරාධ සම්බන්ධ අවසන් විමර්ශනයේදී ඔහු එසේ වස පානය කළ අතර පසුව රෝහලේදී මියගොස් තිබේ.

ස්ලොබොඩාන් ප්‍රයැක් හට මුලින් ලබා දී තිබූ විසි අවුරුදු සිරදඬුවම තහවුරු කරන බව අධිකරණයේ සභාපතිවරයා නිවේදනය කළ අවස්ථාවේ ඔහු කිසියම් දියරයක් පානය කළේය.

72 හැවිරිදි ස්ලොබොඩාන් ප්‍රයැක්, අධිකරණය ඉදිරියට පමුණුවන ලද බොස්නියානු - ක්‍රොයේෂියානු ජාතික හිටපු යුද සහ දේශපාලන නායකයන් හයදෙනා අතරින් කෙනෙකි. බොස්නියාවේ මොස්තාර් නගරයේදී සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් 2013 දී ඔහුට විසි වසරක සිර දඬුවමක් නියම කරන ලදී. සැකකරුවන් හය දෙනාම එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි.

එම අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ සැකකරුවන් හය දෙනාම අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ. ඔවුන්ට එරෙහිව මුලින් පැනවූ දඬුවම තහවුරු කරන බව අධිකරණය නිවේදනය කළ අවස්ථාවේ මම අපරාධකරුවෙක් නොවේ යැයි හඬ නැගූ ඔහු කිසියම් දියරයක් පානය කරමින් “මම වස බිව්වා” යැයි කියා ඇත.

ඔහු මියගිය බව ක්‍රොඒෂියාවේ මාධ්‍ය වාර්තා කළ නමුත් හේග් අධිකරණය පවසන්නේ තමන්ට එය තහවුරු කළ නොහැකි බවය.

1992 සිට 1995 දක්වා බොස්නියාවේ සර්බ්වරුන්ට එරෙහිව පැවැති යුද ගැටුම්වලදී හවුල්කරුවන් වුවද, බොස්නියාවේ ක්‍රොයේෂියානු ජාතිකයෝ සහ මුස්ලිම්වරු මාස එකොළහක කාලයක් එකිනෙකාට එරෙහිව ද සටන් වැදී සිටියහ.

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00