2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ලොව කළඹන මීළඟ රජමඟුල

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 158

බ්‍රිතාන්‍ය රජ පවුලේ රජමඟුල් ලෝක ප්‍රසිද්ධය. වඩාත්ම ප්‍රසිද්ධ වූයේ ඩයනා-චාල්ස් මංගල්ලයයි. ඊළඟට විලියම් - මිඩ්ල්ටන් මංගල්ලයයි. දැන් රජ පවුලේ තවත් කුමරෙකුට මංගල සීනු හැඬවී තිබේ. හැරී කුමරු හටය. කලින් ලොවට හොරෙන් පැවැත්වූ ප්‍රේමය ලියලා ගොස් හැරී කුමරු අතිනත ගන්නට දිනය ළඟා වී තිබේ.

ඔටුන්නට හිමිකම් කියන රාජකීය පවුලේ සාමාජිකයන් අතර පස්වෙනි ස්ථානයේ පසුවන්නේ හැරී කුමරුය. ඔහු අමෙරිකානු නිළියක වන මෙගන් මාකල් සමඟ මීළඟ වසන්තයේදී අතිනත ගැනීමට නියමිත බව නිවේදනය කර හමාරය.

විවාහවීමෙන් අනතුරුව ඔවුන් දෙපළ ලන්ඩනයේ පිහිටි කෙන්සිංටන් මාලිගයට අයත් නොටිංහැම් කොටේජ් මාලිගයේ ජීවත්වනු ඇත. 

හැරී මෙගන් පෙම 2016 වසරේ ජූලි මස ආරම්භ වූ අතර ඔවුන් දෙපළ නොවැම්බර් මස විවාහ ගිවිස ගත්හ. ඔවුන් දෙපළගේ විවාහ ගිවිස ගැනීම පිළිබඳ දැන සිට ඇත්තේ බ්‍රිතාන්‍ය රැජන සහ හැරී කුමරුගේ “සමීපතම පවුලේ සාමාජිකයන්” පමණි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00