2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

උතුරු කොරියාවේ අලුත්ම මිසයිලය

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

සමස්ත ඇමරිකානු මහාද්වීපික භූමියටම ළඟාවිය හැකි නව මාදිලියේ අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් උතුරු කොරියාව අත්හදා බැලුවේය.

පසුගිය බදාදා අලුයම ගුවන් ගත කරන ලද හ්වාසොංග්  - 15 මිසයිලය තමන් සතු (වඩාත් බලගතු) මිසයිලය බව ඔවුන් සඳහන් කරයි. එම මිසයිලය ජපාන මුහුදට පතිත වුවද මින් පෙර උතුරු කොරියාව අත්හදා බලන ලද ඕනෑම මිසයිලයකට වඩා ඉහළින් ඇදී ගොස් තිබේ.

උතුරු කොරියානු KCNA ප්‍රවෘත්ති ඒජන්සිය පවසන පරිදි කිලෝමීටර 4,475 (සැතපුම් 2,780)ක උස මට්ටමකට ළඟා වී ඇති මිසයිලය මිනිත්තු 53ක කාලයක් තුළදී කිලෝමීටර 950ක් දුර පියාසර කර ඇත.

සිරස්ව ඉහළට විදුනු මිසයිලය මීට පෙර සිදුවූවාක් මෙන් ජපානයට ඉහළින් ඇදී නොගිය අතර එරට උතුරු වෙරළ සීමාවට කිලෝමීටර 250ක් පමණ මෙපිටින් පතිත වී ඇති බව ජපාන නිලධාරීන් පෙන්වා දී තිබේ.

ඇමරිකාව මූලස්ථාන කොටගත් Union of Concerned Scientists නම් වූ විද්‍යාඥ එකමුතුව පෙන්වා දෙන පරිදි ප්‍රමිතිගත ගමන් මාර්ගයක ඇදී ගියේ නම් මිසයිලයට කිලෝමීටර 13,000ක දුරක් පියාසර කළ හැක. ඒ අනුව ඊට (අමෙරිකා එක්සත් ජනපද මහාද්වීපික භූමියේ ඕනෑම කොටසකට) ළඟාවිය හැකිය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00