2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

රෝහින්ගියාවට පිළිසරණක්

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

මියැන්මාරයේ “රඛයින්” ප්‍රාන්තයේ හමුදා ප්‍රහාර සමඟ අසල්වැසි බංගලාදේශයට පළාගිය රෝහින්ගියා අනාථයන් යළි සිය රට ගෙන්වා ගැනීම සඳහා මියන්මාරය සහ බංගලාදේශ් බලධාරීන් අතර ගිවිසුමක් ඇති කරගනු ලැබිණි. එහෙත් එම ගිවිසුම ක්‍රියාවට නැංවීමට අදාළ කාලසීමාවක් හෝ ඊට ඇතුළත් සවිස්තරාත්මක තොරතුරු තවමත් ප්‍රකාශයට පත්කොට නැත.

මියන්මාර් යුද හමුදාව පසුගිය අගෝස්තු මාසයේ “රඛයින්” පළාතේ එල්ල කළ ප්‍රහාර සමඟ බංගලාදේශයට පළාගිය හය ලක්ෂයකට අධික රෝහින්ගියා අනාථයෝ එහි ඉදිකෙරුණ තාවකාලික කඳවුරු තුළ තවමත් ජීවත් වෙති.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අමෙරිකා එක්සත් ජනපදය විසින්“රඛයින්” ප්‍රහාර “වාර්ගික ශුද්ධයක්* ලෙස විග්‍රහ කරනු ලැබ ඇත. බංගලාදේශ් විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් අනුව රකේන් පළාතේ අවතැන් ජනයා ඔවුන්ගේ මුල් පදිංචි ස්ථාන කරා පැමිණවීම මාස දෙකක කාලයක් ඇතුළත ආරම්භ කිරීමට හැකිවනු ඇත.

මියන්මාරයේ නේපීටෝ අගනුවරදී අස්සන් තබන ලද ගිවිසුම ප්‍රකාර කටයුතු කරමින් සිටින බව දෙරටේ ආණ්ඩු සඳහන් කර ඇත. බුරුමය ලෙසත් හඳුන්වනු ලබන මියන්මාරය රෝහින්ගියා අනාථයන් සිය රටේ පුරවැසියන් ලෙස සලකන්නේ නැති අතර ඔවුහු රටක් නොමැති ජන කොටසක තත්ත්වයක පසුවෙති. කෙසේවුවද අස්සන් කරන ලද නව ගිවිසුමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ බංගලාදේශ් නිලධාරියකු වන මහමුද් අලි එම ගිවිසුම “පළමු පියවර” හැටියට විග්‍රහ කළේය.

ආපසු (රකයින්) කරා යාම සම්බන්ධයෙන් බොහෝ රෝහින්ගියා අනාථයන් භීතිය පළකරන අතර ඔවුන් ආපසු භාර ගැනීම සම්බන්ධයෙන් මියන්මාරය විසින් ඉදිරිපත් කරනු ලබන කොන්දේසි මොනවාද? යන්න පැහැදිලි නැත. එහෙත් එක් දෙයක් පැහැදිලිය. එනම් මියන්මාරය සහ බංගලාදේශය යන දෙරටම වෙනස් කරුණු පදනම් කරගනිමින් මේ කාරණයේ දී යම්කිසි බලපෑමකට යටත්ව සිටීමයි. රෝහින්ගියා අනාථයන් සිය භූමියේ නිත්‍ය පදිංචිකරුවන් නොවන බව පෙන්වාදීම බංගලාදේශයේ උවමනාවයි.

අනිත් අතින් මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා වැඩිදුර ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉදිරිපත් වෙමින් ඇති ජාත්‍යන්තර බලපෑම් සම්බන්ධයෙන් ඉක්මන් ප්‍රතිචාරයන් දැක්වීමට මියන්මාරයට සිදුව ඇත.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00