2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

හිරෙන් පැන්න නගරාධිපති

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

වෙනිසියුලාවේ කාර්කාස් නගරයේ නගරාධිපති ලෙස කටයුතු කළ අන්තෝනියෝ ලෙඩස්මා නිවාස අඩස්සියේ රදවා සිටියදී පළායාමට සමත්ව තිබේ. වත්මන් වෙනිසුලාවේ මදුරෝ පාලනයට එරෙහිව කටයුතු කළ විපක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන අන්තොනියෝ පසුගිය නගරාධිපති තරගයේදී කාර්කාස් අගනුවර නගරාධිපතිධුරය දිනා ගැනීමට සමත් විය.

ඉන්පසුව හෙතෙම විපක්ෂයේ උද්ඝෝෂණ ව්‍යාපාරයන්ට සම්බන්ධ වෙමින් වත්මන් වෙනිසියුලානු පාලනයට එරෙහිව කටයුතු කරමින් සිටියදී නිවාස අඩස්සියට පත් කිරීමට කටයුතු කැරිණි. නගරාධිපතිවරයා 2015 වසරේ සිට මෙලෙස කර්කාස්හි නිවාස අඩස්සියේ රඳවා තැබීමට මදුරෝ පාලනය කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් පසුගියදා තමන් රඳවා සිටි නිවාස අඩස්සියෙන් කොලොම්බියාවට පළායෑමට ඔහු සමත්ව ඇති අතර පසුව සිය පවුලේ සාමාජිකයින් වාසය කරනු ලබන ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නගරය වෙත යෑමට කටයුතු කර ඇත.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00