2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ASGARDIA මුල්ම අභ්‍යවකාශ නගරය ඇරඹෙයි

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 182

ලෝකයේ විවිධ ජාතීන් රැසක් වෙසෙති. රටවල් 195ක් පුරා ජීවත්වන මේ ජාතීන් අතර සිටින්නේ එකම මානව පරපුරක්ය. නමුත් දැන් අලුත් වර්ගයේ මානව  පරපුරක් බිහිව තිබේ. ඔවුන් ජීවත්වන්නට යන්නේ අභ්‍යවකාශයේය. මහ පොළොවේ සියලු ඇලීම් බැඳීම් දේශපාලනික හැලහැප්පිලිවලින් නිදහස් නිවහල් වෙනම ජාතියක් ලෙස ජීවත්වන්නට යන මේ පිරිස හඳුන්වන්නේ අස්ගාරේඩියාවරුන් ලෙසටය.

නෝර්වීජියානු ජනප්‍රවාදයක දැක්වෙන ගුවනේ ඇති අහස් නගරය හැඳින්වෙන්නේ අස්ගාර්ඩියාව (Asgardia) ලෙසටය. ඒ අනුව යමින් 2016 ඔක්තෝබරයේ මුල්ම අභ්‍යවකාශ රාජ්ජය සහ ජාතිය පිහිටුවන්නට මුල්වූයේ රුසියානු ජාතික ආචාර්ය ඉගෝර් අෂුර්බෙයිලීය. සාමකාමී සමාජයක් ගොඩනැගීම ඔහුගේ අරමුණ වී තිබුණි. ඒ අනුව අස්ගාර්ඩියාවේ පුරවැසිකම ලබාගැනීම සඳහා 114,000ක් මේ වනවිට ඉල්ලුම්කර තිබේ.

අස්ගාර්ඩියාව දැනට පොළොව මත තිබුණද එකී අස්ගාර්ඩියාවරුන්ගේ නිර්මාණයක් වන පළමු චන්ද්‍රිකාව ASGARDIA - 1 පසුගියදා උඩුගුවනට මුදාහරින ලදී. උඩුගුවනේ සාමකාමී මිනිස් සමාජයක් පිහිටුවා ගැනීම, මහ පොළොව අභ්‍යවකාශ අනතුරුවලින් ආරක්ෂා කර ගැනීම, අභ්‍යවකාශ පර්යේෂණ පහසුවෙන් කර ගැනීම මේ අලුත් අභ්‍යවකාශ රටේ අරමුණ අතර වෙයි. අවුරුදු 18ට වැඩි ඕනෑම ජාතියක රටක, මුදල් ඇති නැති ඕනෑම කෙනෙකුට මෙහි පුරවැසිකම සඳහා අයැදුම්කළ හැකිය.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00