2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

සම්බුද්ධ ධාතු දහස් ගණනක මංජුසාවක්

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 186

වසර දහස් ගණනකට පමණ පෙර චීනයේ විසූ බෞද්ධ භික්ෂූන් දෙනමක් විසින් එක්රැස් කරන ලදුව මංජුසාවක බහා නම්කර තබන ලද සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ යැයි කියන ධාතූන් දහස් ගණනක් අඩංගු මංජුසාවක් සොයාගන්නට චීන විද්‍යාඥ පිරිසක් සමත්ව සිටිති.

චීනයේ ජින්ග් චූවාන් පළාතේ සිදුකළ කැණීමකදී වසර 1013 ජූනි මාසයේදී තැන්පත් කරන ලද බව සඳහන්ව ඇති මේ මංජුසාව සොයාගනු ලැබ ඇත්තේ ඒ ගැන ඇති සටහනක්ද සමඟය. මේ ස්ථානයේ පැවැති ආරාමයක මංජු ශ්‍රී ශාලාවේ මෙම මංජුසාව තැන්පත් කර තිබී ඇති අතර ඒ සමඟ ඉපැරණි බුද්ධ ප්‍රතිමා 260ක්, විවිධ දෙවිවරුන්ගේ ප්‍රතිමා සමඟශිලා ලිපිද හමුව තිබේ. 2012 වසරේදී පාරක් තනමින් සිටි පිරිසකට හදිසියේ හමුවූ මේ මංජුසාව සමග තිබූ සටහන ඉංග්‍රීසියට පරිවර්තනය කර සෙසු ලෝකයා වෙත ඉදිරිපත් කර ඇත්තේ මේ වසරේදී බව Live Science වෙබ් අඩවිය කියයි.