2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ටෙක්සාස් මාරක වෙඩි තැබීමක්

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයකට ඉරිදා දේව මෙහෙය අතරේ වෙඩි ප්‍රහාරයක් එල්ල කළ ඩෙවින් පැට්‍රික් කෙලී නමැති තැනැත්තා මානසික සායනයකින් පලා ආ අයෙක් බව එළිදරව් විය. 25 දෙනකුගේ ජීවිත බිලිගත් මේ වෙඩි ප්‍රහාරය එල්ල වුණේ ටෙක්සාස් හි කුඩා නගරයක් වන සදර්ලන්ඩ් ස්ප්‍රිංස්හි බැප්ටිස්ට් දේවස්ථානයකටය. මේ ප්‍රහාරයෙන් කුඩා දරුවන් 8 දෙනකු මෙන්ම කුස තුළ උන් දරුවකුද මියගොස් තිබේ.

නගරයේ වේලාවෙන් ඉකුත් ඉරිදා උදෑසන 11.30ට එහි ඇතුළුව ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරැ ද පසුව මරා දමනු ලැබිණි. ඔහුගේ සිරැරේ වෙඩි සලකුණු 3ක් දක්නට තිබුණි. කෙලීගේ නැන්දම්මාට ඔහු තර්ජනාත්මක පණිවුඩ එවා ඇති අතර ඇය පල්ලියේ මේ අවස්ථාවේ සිට නැත. නමුත් ඇගේ මව මෙහිදී ඝාතනයට ලක්විය. පූජකවරයාගේ 14 හැවිරිදි දියණියද ඒ අතර වෙයි.

තුවක්කුකරු කලින්ද අපරාධ සම්බන්ධයෙන් වාර්තා ඇති වියරුවෙන් හැසිරුණු තැනැත්තෙකි. පුද්ගලයින් දෙසීය ගණනක් පමණක් වෙසෙන සදර්ලන්ඩ් ස්ප්‍රිංස් නම් වූ කුඩා නගරය පිහිටියේ සැන් ඇන්ටෝනියෝ නගරයේ සිට කිලෝමීටර් 50ක් ගිනිකොන දෙසිනි. මරණයට පත්වූ අය සිහිකර මේ ඉරිදා අසල දේවස්ථානවල දේව මෙහෙය සූදානම්ව තිබේ.

 

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00