2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ට්‍රම්ප්ට එරෙහිව වීදි බසී!

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු කොරියා සංචාරයට විරෝධය පළකරමින් එරට වැසියන් දහස් ගණනක් සියෝල් අගනුවර වීදී බසිමින් විරෝධතා පළකළහ.

විරෝධතාවයට එක් වූ දකුණු කොරියානුවන් අපි යුද්ධයට විරුද්ධයි, යුද්ධය නොව අවශ්‍ය සාමයයි, ට්‍රම්ප් එපා - යුද්ධ නැත යනාදී විරෝධතා සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ඊට එක්ව ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයාට අමතරව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද විරෝධතාකරුවන්ගේ උදහසට ලක්ව ඇති අතර උතුරු කොරියාව හා අමෙරිකාව තම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් දකුණු කොරියානුවන්ගේ ජීවිත බිල්ලට දෙමින් සිටින බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

මෙම විරෝධතාවට අමතරව අමෙරිකාවට පක්ෂපාති හා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරයට සහාය පළකරමින්ද තවත් පිරිසක් විරෝධතාවය පළකර ඇත.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00