2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

සල්ලි පිල්ලි යැවූ සවුදි ලොක්කෝ අත්අඩංගුවේ

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131

අලුත් රාජ්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් දියත් කර ඇති අරාබිකරයේ ධනවත්ම රාජ්ජය වන සෞදියේ මෑතක පිහිටවූ දූෂණ මර්දන ආයතනය ලෝකයේම ඇස් අරවන වැඩක් සිදුකළේය. වෙනත් කිසිදු රටක සිදුනොවූ ආකාරයට හාල්මැස්සන් වෙනුවට තෝරු මෝරු සිය දූෂණ දැලට හසුකර ගනිමිනි. මේ දැලට සෞදි රජ පවුලේ කුමාරවරුන් එකොළොස් දෙනකු, වත්මන් ඇමැතිවරුන් සිව්දෙනකු, හිටපු ඇමැතිවරු ගණනාවක් සමඟ ප්‍රසිද්ධ ව්‍යාපාරික ධනවතුන්ද හසුව තිබේ. දැන් ඔවුන් අත්අඩංගුවේ රඳවා තැබීමට අලුත් දූෂණ මර්දන ආයතනය කටයුතු කර ඇත. 2009 වසරේ ජෙඩාහි ගංවතුර සහ 2012 මර්ස් වසංගතය කාලේ සිදුකළ ආධාර ගසාකෑමක් ඇතුළු දූෂණ ගණනාවක් ගැන අලුතෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම ආයතනය ඔටුන්න හිමි මොහොම්මද් බින් සල්මාන් කුමරු යටතේ ක්‍රියාත්මක වන්නකි. මේ අත්අඩංගුවට ගැනීම් මගින් ප්‍රතිවාදීන් මර්දනය කර ඔහු සිය බලය තහවුරු කර ගැනීමට කටයුතු කරන බවට දැන් චෝදනා එල්ල වී තිබේ.

ඔටුන්න හිමි  කුමරුගේ ළඟම ප්‍රතිවාදියා හෙලිකොප්ටර් අනතුරක

දූෂණ ආයතනය ක්‍රියාත්මක කරන ඔටුන්න හිමි සල්මාන් කුමරුට තරගයක් දිය හැකි ළඟම ප්‍රතිවාදියා වූ මන්සූර් බින් මක්රින් මේ අත්අඩංගුවට ගැනීම් ක්‍රියාත්මකව පැය කිහිපයකට පසු මිය ගියේය. සෞදි-යේමන දේශ සීමාවේ නිරීක්ෂණ චාරිකාවක යෙදී ආපසු එමින් සිටි මක්රින් ඇතුළු පස්දෙනකු රැගත් හෙලිකොප්ටර් යානය අනතුරකට ලක්වීමෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා කැරිණි.

මේ අනතුරද සල්මාන් කුමරුගේ බලය තහවුරු කරගැනීමේ උප්පරවැට්ටියේ තවත් එක් පියවරක් ලෙස විවේචන එල්ල වී තිබේ.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00