2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

    2017 භයානකම මිනිසා

     2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 05:49 246

    2017 වසරේ ලෝකයේ භයානකම මිනිසා ලෙස උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග් උන් නම්කර තිබේ. කිම් ජොන්ග් උන් භයානකම මිනිසා ලෙස සැලකිය යුතුව ඇතැයි පවසන්නේ ස්වාධීන පර් යේෂණ ආයතනයක් වන RAND ආයතනයේ ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයකු වන බෘෘස් බෙනට්ය.

    උතුරු කොරියානු නායකයා මේ වසරේ අධිබල මහාද්වීපික න්‍යෂ්ඨික මිසයිල දෙකක් අත්හදා බැලීය. මෙයින් සැප්තැම්බරයේ අත්හදා බැලූ මිසයිලය මෙතෙක් උතුරු කොරියාව මගින් අත්හදා බැලූ අති ප්‍රබල පිපුරුම් බලයයකින් යුතු එකකි. 1945 හිරෝෂිමා බෝම්බයට ආසන්න බලයක් දරන්නකි. උතුරු කොරියාව සතු අවි ආයුධ ගැන බාහිර ලෝකයා තවමත් හරිහැටි දන්නේ නැත. හිතුවක්කාර නාහෙට නාහන ඉක්මන් කේන්තිකාරයකු ලෙස ප්‍රසිද්ධ කිම් ජොන්ග් උන් වැනි රාජ්‍යතාන්ත්‍රික භාවයක් හික්මීමක් නැති නායකයකු අතපත් න්‍යෂ්ඨික බලය කොයි මොහොතේ ලෝකයම පුපුරවා හැරීමට යොදාගනු ඇතිදැයි යන්න සැක සහිත බව අමෙරිකානු හමුදාවේ පැසිෆික් කලාපයේ අණදෙන නිලධාරි අද්මිරාල් හැරි හාරිස්ද පෙන්වා දී තිබේ.

    ලෝකයේ දැනට න්‍යෂ්ඨික බලය අතින්  රුසියාව අංක එකටද අමෙරිකාව අංක 2ටද සිටියි. උතුරු කොරියාව සිටින්නේ 9 වැනි තැනටය. එසේ වුවද දැන් කිම් ජොන් උන්ගේ පාලනය රටේ අංක එක කාර්යභාරය ලෙස තෝරාගෙන ඇත්තේ කීයක් වැයකර හෝ න්‍යෂ්ටික බලයෙන් අංක එකට ළඟාවීමටය. නව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සමග සාම ගිවිසුමකට ඒමට උත්සාහ දරන කිම් ජොන්ග් එමගින් කලාපයෙන් අමෙරිකාව ඉවත් කිරීමට උපාය මාර්ගිකව කටයුතු කරමින් සිටියි. එසේ වුවද නාහෙට නාහන තැනැත්තකු වන ට්‍රම්ප්හටද කොකා පෙන්නන්නට කිම් ජොන්ග් උන් තැත් කළහොත් න්‍යෂ්ටික අවි හරඹයක් ඇතිවනු නිසැකය.

     2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
     2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
     2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
     2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00