2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

පුංචිම හෝටලේ

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151

ලෝකයේ කුඩාම හෝටලය ඇත්තේ කොහේද? එය නරඹන්නට නම් ඔබ යා යුත්තේ ජෝර්දානයේ අල්ජාවා වෙතටය. එහි වෙසෙන අබු අලි ලෝකයේ පුංචිම හෝටලයේ නිර්මාතෘ සහ අයිතිකරුය.

හැටපැන්න පසු විශ්‍රාම ගිය අබු අලි තමන්ගේ ඉතිරි කාලයේ නිදහසේ ගෙවන අතර ලෝකයට ප්‍රයෝජනවත් වැඩක් කරන්නට සිතුවේය. ඔහු ප්‍රාදේශීය බැංකුවකින් ණයක් ගත්තේ හෝටලයක් තනන්නටය. ඔහුගේ හිතට ආවේ අමුතු අදහසකි. මෙතෙක් ලෝකයේ පොඩිම හෝටලය තිබුණේ ජර්මනියේ ඇම්බර්ග් හීය. එය මීටර් 2.5ක් පළල වූවකි. ඊටත් වඩා කුඩා හෝටලයක් තනා ගිනස් වර්තාවක් තබන්නට හිතූ අලි ඒ සඳහා තෝරාගත්තේ පරණ පොක්ස්වැගන් කාර් රථයකි. ඔහුගේ දියණිය එහි අභ්‍යන්තරය ජෝර්දාන විචිත්‍ර පලස්වලින් සුවපහසු ලෙස සැකසුවාය. මේ පුංචි හෝටලයේ නිදන කාමරය තරැ තුනේ හෝටලයක තරම්ම සුඛෝපභෝගී වේ. ජෝර්දාන ආහාරපානවලින් හෝටලය සරුසාරය. අලි හෝටලය ඉදිපස ඇති කඳුවැටියේ ස්ථානයක ගුහාවක් හෝටලයේ පිළිගැනීම් කවුළුව සහ විවේකාගාරය ලෙස සකසා තිබේ. ඒ අවට පුංචි පුංචි කඩ පේලියක්ද සංචාරකයන්ගේ අවශ්‍යතා පිරිමැසීමට තනා ඇත. බෙඩුවින් ගෝත්‍රික ක්‍රමයට සැකැසූ උදා ආහාර වේලක් ඩොලර් 56ක් වූ රසවත් රෑ කෑම වේලක්ද මෙහිදී ලබාගන්නට හැකියි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00