2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

දූෂිතයන් අහසින් පොළොවට

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 05:46 82

පියාසර කරන හෙළිකොප්ටර්වලින් රැගෙන ගොස් එළියට තල්ලු කර දමන බවට පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාර්ටේ දූෂිත නිලධාරීන්ට තර්ජනය කළේය. තමන් අතීතයේදී එවැනි ක්‍රියා සිදුකර ඇති බවද ජනාධිපතිවරයා කියා තිබුණි.
ඔබ දූෂිත නිලධාරියෙකු නම් මම හෙළිකොප්ටරයකින් ඇවිත් ඔබව මැනිලා වෙත රැගෙනවිත් ගුවනේ දී යානයෙන් පිටතට තල්ලු කරනවා පිලිපීනයේ දරුණු මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළක් මෙහෙයවමින් සිටින ජනාධිපති රොද්‍රිගෝ ඩුටාර්ටේ ප්‍රකාශ කර තිබුණි.

ඊට අමතරව සිය අනුමැතිය යටතේ නීතියට පටහැනිව රටේ ඝාතන සිදුකළ බව ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබේ. ජනාධිපතිවරයා විවාදයට තුඩු දෙන මෙම ප්‍රකාශය සිදුකළේ පසුගිය අඟහරැවාදා පිලිපීන අගනුවර හරහා හමා ගිය දැඩි කුණාටුවෙන් විපතට පත්වූවන් අමතමිනි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00