2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

දියමන්ති රජුගේ අපූරු මංගල්‍යය

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 05:39 163

තාත්තා නැති තරුණියන් 238කට තාත්තා බවට පත්වී ඔවුන් එකම දිනයේ පැවැත්වූ මහා සමූහ මංගල උළෙලකදී විවාහ කරදීමට ඉන්දියාවේ දියමන්ති ව්‍යාපාරිකයකු ඉදිරිපත්ව සිටියි.

ඉන්දියානු ක්‍රමයට තම දියණිය විවාහ කරදීමේදී පියා විසින් මනාලයාට බරසාර දෑවැද්දක් දියයුතුය. එහි පැවැත්වෙන විවාහ මංගල්‍යයන්ද දහස් ගණනක් සහභාගි වන මිල අධික මහා සාදයන්ය. පියාත් අහිමිව දුප්පත්කමත් කරපින්නාගත් කල ඉන්දියාවේදී තරුණියක පත්වන්නේ තුට්ටු දෙකේ මට්ටමටය.

තමන්ගේ සේවකයකු 2008 දී මියගිය කල තනිවූ ඔහුගේ දියණිය විවාහ කරදීමට මුලින්ම ඉදිරිපත් වූ මහේෂ් සවානි නම්වූ මේ කෝටිපතියා එතැන් සිට දිගින් දිගටම කන්‍යාදානය නම්වූ මේ විවාහ උළෙල සංවිධානය කර තිබුණි. මෙවර ඔහු 236 දෙනෙක් කන්‍යාවන් එකතුකර විවාහ උළෙල පැවැත්වූයේ සිය පුතුන් දෙදෙනාටද මනාලියන් දෙදෙනකු ගෙන ඒමත් සමඟය. ඒ අනුව 238 දෙනකුට එක් අයකුට රුපියල් දස ලක්ෂය බැගින් දෑවැද්ද ලබාදී ඔහු මේ මහා මංගල්‍ය පසුගිය සතියේ පැවැත්වූයේය. මේ වනවිට ඔහු මෙබඳු පියා අහිමි කන්‍යාවන් 700ක් විවාහ කර දී ඇති බව වාර්තා වේ.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00