2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

රුසියන් යානයේ අබිරහස් අනතුර

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 05:34 19

රුසියානු හමුදා තූර්යවාදක මඩුල්ලේ ශිල්පීන් ඇතුළු 92 දෙදෙනෙක් සමග කළු මුහුදට කඩා වැටුණු TU-154 රැසියානු හමුදා ගුවන් යානයේ සිටි පුද්ගලයින් සියලු දෙනාම මියගොස් ඇති බව සනාථ කෙරෙන සාධක හමුවී තිබේ.

සෝදිසි මෙහෙයුම්වල නිරත කණ්ඩායම්වලට සුන්බුන් කොටස් සහ පුද්ගල මළසිරුරු හමුවූ අතර යානයේ කළු පෙට්ටියද සොයාගනු ලැබිණි. කෙසේ වෙතත් ජීවිතය බේරාගැනීමට හැකිවූ කිසිවෙකුත් පිළිබඳ කිසිදු හෝඬුවාවක් හෝ මේ වනතෙක් වාර්තා වී නොමැත.

සිරියාවේ ලටකියා නුවර වෙත පියාසර කරවීම සඳහා එරට වේලාවෙන් උදාසන 5.25ට සෝචිහි ඇඩ්ලර් ගුවන්තොටුපොළෙන් ගුවන්ගත කළ යානය ඉන් විනාඩි කිහිපයකට පසු රේඩාර් පද්ධතියෙන් ගිලිහී ගොස් තිබිණ. රැසියානු යානයක් අතුරුදන් වූ බවට වූ පුවත ලොව පුරා මාධ්‍ය වාර්තා කර සුළු වේලාවක් ඇතුළත රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ, යානය කළු මුහුදට කඩා වැටී ඇති බවට සැක පළකරන බවය.

පැය කිහිපයකට පසු රුසියානු ආරක්ෂක අංශ යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි ගමන් කරමින් සිටි මගීන්ගේ නම් ලැයිස්තුව නිවේදනය කළේය.

කාර්ය මණ්ඩල සාමාජිකයින් 8යි, ජනමාධ්‍යවේදීන් 9යි, ගුවන් හමුදා සාමාජිකයින් 8යි, නර්තන ශිල්පීන් ඇතුළු හමුදා තූර්යවාදක මඩුල්ලේ ශිල්පීන් 64යි, සිවිල් සේවකයින් 2යි, 

තූර්යවාදක කණ්ඩායම මෙම ශෝචනීය ඉරණමට ගොදුරු වූයේ, සිරියාවේ ලටාකියා නුවර රුසියානු ගුවන් හමුදා කඳවුරේ පැවැත්වෙන අලුත් අවුරුදු ප්‍රසංගයකට එක්වීම සඳහා යමින් සිටියදීය. රුසියාවේ සිටි මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රබල ක්‍රියාකාරිනියක මෙන් ම ස්වේච්ඡා සේවිකාවක වූ එලිසවෙටා ග්ලින්කා ද ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්වූවාය. ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ සිරියාවේ රෝහලකට ලබාදීම සඳහා වෛද්‍ය ආධාර තොගයක් රැගෙන යමින් සිටියදීය.

බ්‍රහස්පතින්දා රුසියාවේ ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ අතර රුසියානු ජනාධිපතිවරයා ව්ලැද්මීර් පුටින් අනතුරට පත්වූ යානයේ සිටි සියලුදෙනාගේ පවුල්වලට සිය සංවේගය පළකර සිටියේය.

ජනාධිපතිවරයා අනතුර සම්බන්ධ විමර්ශනය සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති අතර ප්‍රවාහන අමාත්‍යවරයා පවසා ඇත්තේ, අනතුරට හේතුව සොයා සෑම පැතිකඩක් ඔස්සේම විමර්ශන සිදුකරමින් සිටින බවය.

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00