2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

කැටලෝනියාවේ නිදහසට වින කැටෙයි

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

කැටලෝනියාවේ ස්වයංපාලනය අත්හිටුවීමේ ක්‍රියාදාමය සෙනසුරාදා සිට ආරම්භ කළ බව ස්පාඤ්ඤය නිවේදනය කළේය. ස්පාඤ්ඤය එම පියවර ගනුලැබ තිබෙන්නේ කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙසින් ප්‍රකාශයට පත්කරන බවට එහි නායකයා තර්ජනය කිරීමෙන් අනතුරුවය.

අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වෙනි වගන්තිය ක්‍රියාවට නැගීම පිණිස ස්ලාඤ්ඤ කැබිනට් මණ්ඩලය ලබන සෙනසුරාදා රැස්වෙන බව අගමැති මරියානෝ රජෝයි නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කැටලෝනියාව ඍජු පාලනයට පවරා ගැනීමට 1987 දී සම්මත කරන ලද ව්‍යවස්ථාවේ 155 වගන්තිය මගින් ස්පාඤ්ඤයට අවස්ථාව සැලසේ.

ජනරාල් ෆ්‍රන්කෝ ගේ ඒකාධිපති පාලනය පෙරළා දැමීමෙන් වසර තුනකට පසුව සම්මත කෙරුණු 1978 ව්‍යවස්ථාව මගින් රටේ යළිත් වරක් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කෙරුණු අතර එහි 155 වෙනි වගන්තිය එවක් පටන් මේ වනතුරු ක්‍රියාවට නගා නැත.
ස්පාඤ්ඤය දිගින් දිගටම තමන්ට “මර්දනය දියත් කළහොත්” ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව කැටලෝනියාවේ පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන බවට කැටලෝනියාවේ නායක කාලෙස් පුෂ්දිමොන් මීට ඉහතදී පැවසීය.

එසේ වුවහොත් කළාපයේ යළිත් වරක් ප්‍රචණ්ඩත්වය පැතිර යනු ඇතැයි බිය පළවෙමින් පවතී.

මැඩ්රිඩ් පාලනයේ දැඩි විරෝධය මැද පසුගියදා පැවති ජනමත විචාරණයෙන් අනතුරැව කැටලෝනියාව සහ මැඩ්රිඩ් පාලනය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

ජනමත විචාරනයේ දී බහුතර ජනතාව නිදහස රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට පක්ෂව ඡන්දය භාවිතා කළ බව කැටලෝනියාවේ නායකයන් පවසන නමුත්, එය නීති විරෝධී ජනමත විචාරණයක් යන්න ස්පාඤ්ඤයේ ස්ථාවරය වී තිබේ. 

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00