2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

යුරෝපයේ ළාබාලම නායකයා

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

2013 වසරේ යුරෝපයේ ලාබාලම විදේශ ඇමැතිවරයා බවට පත්වූ ඕස්ට්‍රියාවේ සෙබස්තියන් කර්ස් දැන් ලාබාලතම රාජ්‍ය නායකයා බවට පත්වන ලකුණු පහළ වී තිබේ.

31 හැවිරිදි කර්ස් සංක්‍රමණිකයන් හට විරුද්ධ, බුර්කා තහනමට පක්ෂ, මුස්ලිම් මූලධර්මවාදයට එරෙහි වයසට වඩා පරිනත ජාත්‍යන්තර දේශපාලනයේ තෙම්පරාදු වූ චරිතයකි. ඔහු ඕස්ට්‍රියාවේ මීළඟ චාන්සලර්වරයා බවට පත්වීමෙන් ලෝකයේ ලාබාල නායකයන් වන කැනඩාවේ ස්ටීවන් ටෘෘඩෝ, ප්‍රංශයේ එම්මානුවෙල් මැක්රොන් ඇතුළු ලිබරල්වාදීන් අතරට එක්වන අති දක්ෂිණාංශික නායකයා වනු ඇත.