2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

චීනයේ අලුත් ලොක්කා

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

අධි ආරක්ෂිත විධි විධාන යටතේ මේ දිනවල චීනයේ මහා සමුළුවක් පැවැත්වෙයි. එය චීනයේ මීලඟ නායකයා කවුදැයි තීන්දු කරන දෙදහසක පමණ සාමාජික පිරිසක් මුළුදෙන සමුළුවකි. වසර 5කට වරක් මුළුදෙන මෙය චීන කොමියුනිස්ට් පක්ෂයේ මහා සමුළුවයි.

සෙසු ලෝකයාට හොරෙන් පැවැත් වන මේ සමුළුවේදී චීනයේ ඊළඟ නායකයා තෝරාගැනීමට නියමිත අතර බොහෝදුරට ඒ තනතුර නැවත වත්මන් නායක ෂි ජින් පින් හටම හිමිවිය හැකි බවට ආරංචි පැතිර තිබේ.

කොමියුනිස්ට් චීනයේ නිර්මාතෘ මා ඕ සේතුන්ග්, ඩෙන්ග් ෂියා ඕ පින්ග් යන ජනකාන්ත නායකයන් අතරට ෂි ජින් පින්ද පත්ව සිටියි. චීනය ලෝකයේ බලවත්ම රාජ්‍යය බවට පත් කිරීමට ඔහු දැඩි පියවරක් ගත්තේ පක්ෂය තුළම දූෂිතයන් අතුගා දමමිනි. මේ නිසාම මා ඕ ගෙන් පසු පක්ෂයේ වැඩිම බලයක් තහවුරු කරගත් තැනැත්තා බවට ඔහු පත්ව තිබේ.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00