2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

සුදු වැන්දඹුවට (ඩ්‍රෝන) ප්‍රහාරයක්

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

“සුදු වැන්දඹුව” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණ අයිසිස් මූලධර්මවාදය සඳහා කාන්තාවන් බඳවාගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව අමෙරිකානු ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයකින් මරාදැමුණු බව වාර්තාවේ.

රොක් සංගීතයට පිස්සු වැටුණු විලාසිතාකාරියක් ලෙස කෙන්ට්හි චැතැම්වල ජීවත්වූ රිටා ජෝන්ස් සිය ළදරු පුත්‍රයාත් සමග 2013 දී හදිසියේම සිරියාවට පලාගොස් අයිසිස් වෙත බැඳුණේය. එතැන් සිට ඇය අයිසිස් යුද්ධයට ලොවපුරා කාන්තාවන් කැඳවමින්, තදබල ප්‍රචාරයක් ගෙන ගිය අතර බටහිර කාන්තාවන් බඳවා ගන්නිය ලෙසද කටයුතු කළාය. පනස් හැවිරිදි වියේ පසුවූ ඇය මාස හතරකට පෙර සිරියාවේ රඛා අග නගරයෙන් පලායද්දී ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව අමෙරිකානු හමුදා තහවුරු කරති. මෙතෙක් කලක් මිනිස් පලිහක් ලෙසට භාවිතාවට ගත් ඇගේ 12 හැවිරිදි පුත්‍රයාද මේ ප්‍රහාරයෙන් මිය යන්නට ඇතැයි සැක කෙරෙතත් ඔහුට සිදුවූ දෙය බොහෝදුරට අබිරහසක්ව තිබේ. රිටා ජෝන්ස් හෙවත් සුදු වැන්දඹුව බ්‍රිතාන්‍යයේ ඉතාමත් අවශ්‍යකරනා තැනැත්තන්ගේ ලැයිස්තුවේ අංක 1 හිමි තැනැත්තියකි.