2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

බොලීවියාවේ චේ විරෝධයක්

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

(චේ ගෙවාරා) පනස් වැනි අනුස්මරණ සංවත්සරය මුල්කර ගනිමින් බොලීවියානු ආණ්ඩුව සහ විශ්‍රාමික යුද හමුදා නායකයන් අතර ආරවුලක් මතුව ඇත.  ආර්ජන්ටිනාවේ දී උපත ලද අර්නස්ටෝ චේ ගෙවාරා කියුබානු විප්ලවය ජය ගැනීමට දායකවීමෙන් අනතුරුව බොලීවියාවේ විප්ලවීය සටනට සහභාගී වෙමින් සිටියදී එරට හමුදා විසින් මරාදමනු ලැබුණි.

මෙවරද විදේශීය ආරාධිත අමුත්තන්ගේ ද සහභාගීත්වය ඇතිව සමරු වැඩසටහන් මාලාවකින් ලබන සතියට යෙදී ඇති පනස්වැනි (චේ) අනුස්මරණය සැමරීම බොලීවියානු ආණ්ඩුවේ සැලැස්මයි. එහෙත් එම නිල සමරු උත්සවවලට තමන් සහභාගී නොවන බව (චේ) නායකත්වය දුන් විප්ලවීය හමුදාවන්ට එරෙහිව සටන් වැදුණු බොලීවියානු විශ්‍රාමික යුද නායකයෝ පවසති.

(චේ) සඳහා නොව ඔහු සමඟ සිදුකළ සටන්වලදී මරණයට පත් බොලීවියානු ජාතිකයන් වෙනුවෙන් ප්‍රණාමය පුද කිරීම සිය අභිලාෂය බව එම යුද නායකයන් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.

කියුබානු විප්ලවයේ ඉතාම වැදගත් න්‍යායවාදියකු වූ අර්නස්ටෝ චේ ගෙවාරා, ෆිදෙල් කස්ත්‍රෝ සමඟ උරෙනුර ගැටෙමින් සටන් වැදුණු අතර එම විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පිහිටුවන ලද ළදරු විප්ලවීය ආණ්ඩුව විසින් පිරිනමන ලද ඇමැති පදවියත් අත්හැර බොලීවියාවේ විප්ලවයට සහභාගි වෙමින් සිටියේය.

1966-67 කාල සීමාව තුළ හතළිස් හත් දෙනකුගෙන් සමන්විත වූ කුඩා ගරිල්ලා හමුදාවත් සමඟ දරුණු ගැටුමක නිරත වෙමින් සිටි (චේ) එවකට බොලීවියානු හමුදාව විසින් 1967 ඔක්තෝබර් අටවෙනිදා අල්ලාගනු ලැබ ඔක්තෝබර් 09 වැනිදා මරා දැමුණි. බොලීවියානු ආරක්ෂක ඇමති රෙයිමි පෙරෙයිරා විසින් (චේ) සමරු වැඩසටහන් බොලීවියාව සහ කියුබාව අතර පැවති මත ගැටුම සමනය කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් හැටියට විග්‍රහ කරනු ලැබ ඇතත්, එම අදහස භාර ගැනීමට විශ්‍රාමික යුද නායකයන් සූදානම් නැත.

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00